ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇසිඩ් ප්‍රහාර..?

May 21, 2018 at 11:20 am | lanka C news
ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇසිඩ් ප්‍රහාර..?

ශ්‍රී මහා බෝධීන් වහන්සේට නොරොච්චෝලෙන්  ඇසිඩ් ප්‍රහාර එල්ල කරන බව කියා ස්වාමින්වහන්සේලා සහ  බෞද්ධයන් මුළා කරන ප්‍රකාශ ප්‍රතික්ෂේපිත කරන බව ලංවිම ඉංජිනේරුවරුන් හා නොරොච්චෝලේ බලධාරීන් පවසයි.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ විද්ධ්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික පුහුණු ආයතනයෙන් නොරොච්චෝලේ බලාගාරයෙන් ගත් සාම්පල් වලට අනුව එහි තැන්පත් වී අති ආම්ලික අංශු ප්‍රමාණය 0.5 සිට 0.7 දක්වා වූ නොගිනිය හැකි ප්‍රමාණයක් බවයි.

එසේම ඔවුන් වැඩි දුරටත්  පවසා තිබෙන්නේ මෙහි තිබෙන කුඩා අංශු ප්‍රමාණය පුත්තලමේ සිට අනුරාධපුරයට යන බව පිලිගත නොහැකි බවත් එම අංශු ඉතා කෙටි දුරක් ගොස් වාෂ්ප වී යන බවත්ය.

එසේම ලක්විජය බලධාරීන් වැඩි දුරටත් පවසන්නේ  මෙම බලාගාරයේ   පාවිච්චි කරන්නේ  සල්ෆර් හා අළු අඩු,  කැලරි අගය වැඩි ගල් අගුරු වන බවයි.

ඉංජිනේරුවෝ තව දුරටත් පවසන්නේ සමහර පරිසරවේදීන් හා ප්‍රශ්න අවුස්සන අය විසින් කිසිදු විද්ධ්‍යාත්ම පසුබිමක් නොමැතිව මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බවයි.

බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියබලාපිටිය මහතා :

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අප රටට වැඩම කළේ ඉන්දියාවේ  බුද්ධ ගයාවේ සිටයි. බුද්ධගයාව පිහිටි  බිහාර් ප්‍රාන්තයේ  අධික ලෙස ගල් අගුරු කැණීම් කටයුතු සිදු කරන බවත් විශාල ලෙස ගල් අගුරු  බලාගාර ප්‍රමාණයක් පවතින නිසා ඒවායින් මෙම සිද්ධස්තානයට සිදුවන හානියක් ගැන අසා නොමැත. කොළබ ප්‍රදේශයේ ඩිසල් වාහන වලින් පිට වන අධික සල්ෆර් ප්‍රමාණය හේතුවෙන් ඒ අවට තිබෙන බෝධීන් වහන්සේලාට සිදු වන හානියක් වේ නම් ඒ ගැනත් සොයා බැලීම පරිසරවේදීන්ගේ යුතුකමයි. දුර නොබලා නොරෝච්චේලෙන් පිට වනවාය කියන අම්ල සංඝටක නිසා ශ්‍රී මහාබෝධීන් වහන්සේට හානි සිදු වනවා යනුවෙන් හදිසි තීන්දු වලට එලබීම නොකළ යුතුයි. එසේ හානියක් වෙනවානම් එය නිවැරදි තාක්ෂණික ඇගයීමකින් පසුව පමණක් කිව යුතුය. නොරෝච්චෝලේ බලාගාරයේ තැනීම් කටයුතු කිරීමට ප්‍රථමව  නිවැරදිව  විද්‍යාත්මක ගණනය කිරීම් සියල්ල සිදු කළ බවද සියබලාපිටිය මහතා වැඩිදුරටත් පැවසිය

– චමිල් එදිරිමුණි

154 views

5 Comments to “ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇසිඩ් ප්‍රහාර..?”

  1. Pachaya says:

    Very correct. These noices are from diesel mafia to STOP all alternative power generations.

  2. sinha le says:

    බුදුදහමට වින කරන එන් ජි ඕ කල්ලිය වහාම රටින් පිට කල යුතුය විශේෂ රහස් සේවයක් මෙය සදහා ස්ථාපත කල යුතුය

  3. Love nature says:

    ගල් අගුරු දහනයෙන් පරිසරයට එක්වන සල්ෆර් ඩයොක්සයිඞ් වායුවෙන් කොටසක් ධුලී වශයෙන් පොළොවට පතිත වන අතර ඉතිරිය ජල වාෂ්ප සමග මිශ්‍ර වී ඇසිඞ් වර්ෂා ඇති කරයි.

    මෙමගින් වනාන්තර, ගස්වැල්, සතුන් සහ මිනිසුන්ට මරාන්තික බලපෑම් එල්ල කළ හැකි ය.

    ජර්මනිය, පෝලන්තය, බටහිර යුරෝපය හා කැනඩාවේ ඇති වනාන්තර අම්ල වැසි හේතුවෙන් විනාශ වෙමින් පවතින බව වාර්තා වන අතර බටහිර ජර්මනියේ පමණක් හෙක්ටයාර මිලියන 02ක පමණ වන විනාශයක් සිදුව තිබේ.

    විශේෂඥයින් පෙන්වා‍ දෙන්නේ, ඇසිඞ් වර්ෂා පොළොවට පතිත වීමෙන් පස නිසරු වන බව ය.

    ඇසිඞ් වර්ෂා ගංගා ඇළ දොළ වලට එක්වීමෙන් ජලයේ ආම්ලිකතාවය ඉහළ යන අතර ඉන් මත්ස්‍යයින්, පැළෑටි ඇතුළු සියලූ ම ජලජ ජීවීන්ට බලපෑම් එල්ල වේ.

    2016 වසරේදී චීනය බෙයිජිං නගරයේ ඇති සියලූ ගල් අගුරු බලාගාර වසා දැමීමට තීරණය කර ඇති අතර අමෙරිකාව මේ වන විට මෙගාවොට් 4677ක ගල් අගුරු බලාගාරයක් වසා දමා තිබේ.

    බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ, රටේ ඇති සියලූ ම ගල් අගුරු බලාගාර 2025 වන විට වසා දැමීමට ය.

  4. Love nature says:

    Coal is responsible for over 800,000 premature deaths per year globally and many millions more serious and minor illnesses. In China alone, around 670,000 people die prematurely per year as a result of coal-related air pollution. The ‘Coal Kills’ report estimates that in India coal contributes to between 80,000 to 115,000 premature deaths annually. In the United States coal kills around 13,000 people annually, and 23,300 in Europe. The economic costs of the health impacts from coal combustion in Europe are valued at about US$70 billion per year, with 250,600 life years lost.

    The burning of coal emits hazardous air pollutants that can spread for hundreds of kilometres. Pollutants include particulate matter, sulfur dioxide, nitrogen oxides, carbon dioxide, mercury and arsenic. Exposure to these pollutants can damage people’s cardiovascular, respiratory and nervous systems, increasing the risk of lung cancer, stroke, heart disease, chronic respiratory diseases and lethal respiratory infections. Children, the elderly, pregnant women, and people with already compromised health suffer most. In addition to pollution originating from power plants, the mining and transport of coal, as well as the disposal of coal ash waste, can have significant impacts on human health.

  5. Aurora says:

    මේ මොන ගොන් කථාවක්ද? මේ කතාවේ මෝඩ උපකල්පනය නම් නොරච්චෝලේ සිට A 12 මාර්ගය දිගේ සල්පර් ඩයොක්සයිඩ් සහිත වායුව ගමන්කරන බවයි. එසේ ගොස් කෙලින්ම උඩමළුවට යන බවයි. නොරච්චෝලේ සිට උඩමළුවට ඇති කි.මී. 75 දුර පොලවට අඩි 100 නොඉක්මවන උසකින් ගමන්කර ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානි කරන බවයි.
    මෙවන් මෝඩ මත ගොඩ නගන්නන් නොතකා හරින දෙයක් නම් ශ්‍රී ලංකාවට වර්ෂාව ලබා දෙන සුළං ධාරා මෝසම් දෙකේදීම හමා එන්නේ චීනය, ඉන්දු චීනය, මැලේසියාව ආදී කර්මාන්ත බහුල කලාපයක් ඔස්සේ බවය. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ බටහිර දිශාවට පවා වැටෙන වැසිජලයේ pH අගය 4.0 ආසන්න අගයක පවතී. හේතුව වැසි ජලයේ දියවී විවිධ ආම්ලික වායුන් පොලොව මතට පතිත වීමයි. ඒ හේතුව නිසා නොගැඹුරු ළිං ජලය ආම්ලික වී ඇත. යථාර්තය තේරුම් නොගෙන මෙවන් මෝඩ මත ගොඩ නගන පණ්ඩිතයන් රටට කරන හානිය අති මහත්ය.

Main News