ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ මාසික වැටුප ලක්ෂ තිස් දෙකයි.. තවත් සියළු දීමනා.. ආණ්ඩුවේ ආයතනයක දෙවෙනි විශාලතම මාසික වැටුපයි..

July 20, 2018 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ මාසික වැටුප ලක්ෂ තිස් දෙකයි.. තවත් සියළු දීමනා.. ආණ්ඩුවේ ආයතනයක දෙවෙනි විශාලතම මාසික වැටුපයි..

ආණ්ඩුවට අයත් ආයතනයක දෙවන විශාලතම මාසික වැටුප අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතා ගේ සහෝදරයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත මහතා විසින් ලබා ගත් බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු වලින් අනාවරණය වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව සුරේන් රත්වත්ත මහතා ගේ මාසික මූලික වැටුප රුපියල් ලක්ෂ තිස් දෙකක් (32) වන අතර ඊට අමතර ව ඔහුට අනෙකුන් සියලුම දීමනා ඔහු ට අයත් ය.

මීට පෙර රටේ ප්‍රධානියෙකුගේ සහෝදරයකු විසින් තවත් ආණ්ඩුවට කොටස් හිමි ආයතනයක මාසික වැටුප රුපියල් ලක්ෂ සීයක් (මිලියන 10 ක්) ඇතුළු දීමනා ලබා ගන්නා බව වාර්තා විය.

දෙවෙනි මාසික විශාල වැටුප වශයෙන් අගමැති වරයාගේ උපදේශක ගේ සහෝදරයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායකයා ලෙස සිටී සුරේන් රත්වත්ත මහතා ලබා ගත් බව ශ්‍රී ලන්කන් සමාගම විසින්ම ලබා දුන් තොරතුරු අනුව ආවරණය වී ඇති බව අද ලංකාදීප පුවත්පතේ වාර්තාව අනුව පැහැදිලි වේ.

88 views

34 Comments to “ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ මාසික වැටුප ලක්ෂ තිස් දෙකයි.. තවත් සියළු දීමනා.. ආණ්ඩුවේ ආයතනයක දෙවෙනි විශාලතම මාසික වැටුපයි..”

  1. Saradiel says:

    රටේ මුදල් කොල්ලකරුවන්ටත් අපේ මෝඩයෝ තමන්ගේ වටිනා චන්දෙ දෙනවනේ කාලකන්නි

  2. sanjeewa says:

    Ajith/Sunil

    Pls. do not talk nonsense. You say $16Bn. Air Canada’s CEO gets only $15,000/- salary a month. That could be his monthly other allowances. Qantas, the Aussie National Carrier CEO gets over $11Mn a year which is smaller than Air Canada. This is his salary only. Pls. do some study before you comment. This is no way denying the fact that Suren is an utter waste & is no way qualified for the CEO position. He could only be a junior manager in the Air line.
    This whole government is corrupted & no need to talk about that. I am taking about CEO position not about Suren.

  3. කලින් ඔය තනතුර දැරුවෙ රන් අම්මන්ඩිගෙ 8 පාස් සහෝදරයා නිශාන්ත. එයත් ඔය පඩියම ගත්තා.දැන් විතරක් මේ ඉන්න කෙනාගෙ පඩිය උලුප්පන්නෙ ඇයි?

  4. David Milli-banda says:

    FORGET THE SALARY. wHAT HAS HE DONE TO TURN IT AROUND?

    What has he done as Chairman of Sri Lankan to justify the salary he gets?
    Has he been able to reduce losses??
    or
    Is he just warming his seat holding onto the post because of Charitha’s connection to Rani??

  5. sampath says:

    that is why the sri lankan air ticket are so expensive

  6. siran says:

    මම කල්පනා කරන්නෙ රජයේ ආයතනයක ලොක්කෙකුට කීයද හම්බවෙන්නෙ පෝස්ටල් ,දුම්රිය වගේ ප්‍රධානයකුට මේ මාසික පඩිය මාස 32 කට යි ලැබෙන්නෙ ඒ මිනිස්සු මොනත රම් උගත් ද.කොයිතරම් කැපවෙනවද ?රජය පාඩු ලබමින් මේ වගේ පඩි කොයි ආයතනයට ගෙව්වත් අසාධාරණයි. ලාබයිකින් සියයට ගනනක් ගෙව්වට කමක් නෑ.ගාමන්ට් වල ලොක්කො පඩි ගන්නෙ ලාබ පෙන්වලයි.

  7. Asoka says:

    ඕවා මොන පඩි ද බන්? ඉස්සර අරලියගහ මන්දිරේ තේ හදන්නම 64 දෙනෙක් හිටියා. තේ හදන එවුන්ට තේ හදන්න වෙනම 8 දෙනක් හිටියා. උන් එකෙක් මාසෙකට රුපියල් ලක්ෂයක් විතර OT සමග පඩි ගත්තා. සමහර එවුන්ට වාහනත් දීලා තිබුනා. අනෙක ශ්‍රී ලන්කන් එකේ අර කෙල්ලක් නාමල් නාම්බා ළඟ නිල් බලකායේ වැඩකරා කියලා කෝටි ගානක් පඩි අතිකාල සහ ගුවන් ගමන් එලවන්ස් එහෙම අරන් තිබුනේ?? මහා එවුන්ට මොන ආණ්ඩුව ආවත් ඕවා සුම්මා. දුප්පත් එවුන්ට තමයි හැම ලබ්බකටම ගෙවන්න වෙන්නේ.

Main News