“ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…

January 2, 2022 at 7:10 pm | lanka C news
“ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූහ.

පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියෝ සිදු කළහ.

රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.

ජයග්‍රහණයක් ලැබූ විට එය බෙදාගැනීමට බොහෝ අය සිටිති. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙත ම පැවරෙනු ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.

මූලාසනයේ අනුශාසනාව සිදුකළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැයි පැවසූහ.

මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

23,348 views

18 Comments to ““ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…”

  1. පොඩි එකා says:

    ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ හොඳටම කරපු දැං සැප ගෝඨාභය රාජපක්ෂ” කිව්වා නං සම්පූර්ණ යි නේ

  2. Asanka Thilakarathna says:

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න….

    • LION says:

      ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය කුමක් සදහාද මේ ගෞරවය ..අපේ රට අගාදයට ගෙන යෑමට පොහොට්ටුවේ කුරහන් සාටක පවුලේ සාමාජිකයින්ට තනතුරු ලබා දුන් නිසාද ?

  3. Asanka Thilakarathna says:

    අම්මපා මට කවදාහරි ජනාධිපති වෙන්න ලැබුනොත් ලංකාවේ සියලු ආගම් තහනම් කරනවා…. ආගමික නායකයන් කියන උං තමයි මේ ජාතිවාදය පතුරවන්නේ

  4. පාල says:

    හාමුදුරුවනේ දූම්න්දටයි ලංසටයි ඔය සම්මාන යට සුදුසුකම් ඇත කරුණාකර අවදාන යොමු කරන්න..

  5. Devadatha says:

    Kahatoyooyanto pissu

  6. ආක්‍රමිකයාගේ ගිනි සිළුුව සංඛේතාත්මකව මාත්‍රෘෘභුුමමියට පැමිනි වගයිි.. says:

    වහළුන්හට ගිනිතියාගැනීමට සුදුඡාතික ත්‍රස්ථවවාදී ආක්‍රමිකයාගේ ගිනි සිළුුව සංඛේතාත්මකව මාත්‍රෘෘභුුමමියට පැමිනි වගයිි..
    බ්‍රීතාන්‍යයේ විසින් කොළ්ලකා ඉතිහාසය වික්‍රෘති කොට විිනාශකරනා ලද හෙළදීිපය තුළ සදා කාළික වහල් භාවය පවත්වාගෙන යනුවස් සූරා කෑම අරමුණු මුදුන් පමුණුවා ගැනීිමට,බ්‍රීතාන්‍ය විසසින් පසුතලයේ සිිට මෙහෙයවුු තිස්අවුරැදු යුද්දය, නිමා වීිමෙන් පසුව යුධ අපරාධ චෝදනා.,ප්‍රමාණනවත් නොවූ කළ, චිනයයේ ආර්ථිිකය පිිබිදීම, ශ්‍රීලංකාව සමග නිර්මාණයවූ නව ආර්ථිකයක පිබිදීම බිඳහෙළීමට ඵල්ළකරනාලද, පිිළිවෙලින් පිළිවලට..2015 බළපෙරළිය,මහබැංකු කොළ්ලය, සාළාව අවිිගබඩාව පිපිරවීම,ඡාතිය සමලිංගිකයන් බවට පත්කරමින් අනාගතය වික්‍ර්‍රෘතිකරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගෙන ළු්මට දරනා ලද උත්සාහයන්, පාස්කු ප්‍රහාරය, ,නැව්ප්‍රහාර, ඡෙෙව අවි ප්‍ර්‍රහාරය බ්‍රීතාන්‍යයන්ගේ ඔටුනු වෙෙරයේ වෙෙරස ප්‍රහාරය සමඟ රසායනික අවිය ඡනසංහාරක ඵන්නත් ප්‍රහාරයන් සමඟ ඝාථනයට ලක්කරනාලද සමස්ථ ආර්ථිකය,කළු සුද්දන් යොදාගනිමින් විනාශ කරනා ලද හෙළ වෙදකම, සුනුවිසුනු කර දමනලද ඡන සමාඡයේ ගෝත්‍රික වහළුන්හට ගිනිතියාගැනීමට සුදුඡාතික ත්‍රස්ථවවාදී ආක්‍රමිකයාගේ ගිනි සිළුුව සංඛේතාත්මකව මාත්‍රෘෘභුුමමියට පැමිනි වගයිි෴

  7. silva says:

    හැට නමලක්ශයක් රවට්ටල දිනල. මහ දවල් මිනීමරපු කුඩුකාරයෙක් එලියට දාල, ආන්ඩුවට විරුද්දව කතා කරපු එකෙක් හිරේ දාල. කරගෙන ගිය ප්‍රෙජෙක්ට් නවත්තල ( කෙමිස් හම්බවෙන්නෙ නැති නිසා ) ඩොලර් එකට කෙලවල. මෝඩ ප්‍රති පත්ති නිසා තව තවත් කෙලවල. ගෑස් සැපයුම් කරුවන් මාරුකර කොමිස්ගැනීමට සන්යුතිය මාරුකර නාට්යයක් කරල.පෝර සල්ලි ඉතිරි කරන්න, කාබනික නාට්ය කරල. ගොවියො ඔක්කොටම කෙලවල. … ලිස්ට් එක තවදිගයි… ඕව කලාටද ඔය සම්මානය?

Main News