ශ්‍රී ලංකාවට වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට රටවල් 05ක් ප‍්‍රචාරක වැඩසටහන්..

October 26, 2021 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකාවට වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට රටවල් 05ක් ප‍්‍රචාරක වැඩසටහන්..

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරේ. ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට උපදෙස් දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග (25) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇත. සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙරට සංචාරක නියෝජිත ආයතන සහ අදාල රටවල සංචාරක නියෝජිත ආයතන සමග මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කොට මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. මෙම ප්‍රවර්ධන කටයුතු වලදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුකල රටක් ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද ‍මෙහිදී තීරණය කෙරිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ ඉදිරි මාස දෙක තුල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බවයි. ආයතනයේ සියලු කටයුතු ඒ මත පදනම්ව ක්‍රියාත්මක කල යුතු බවද ඇමතිවරයා කීවේය. නිර්මාණශීලි අදහස් ඔස්සේ ඒ සඳහා නැවුම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයන් 54,768 පැමිණ තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 13547ක්  මෙරටට පැමිණ ඇති අතර ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයන් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. ඉන්දියාව, එක්සත් රාජධානීය, පාකිස්ථානය, රුසියානු සමූහාණ්ඩුව,  ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනිසියාව  යන රටවල් 10යෙන් මෙම පිරිස පැමිණ තිබේ.

– ප්‍රදීප් අනුර කුමාර

15,427 views

4 Comments to “ශ්‍රී ලංකාවට වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට රටවල් 05ක් ප‍්‍රචාරක වැඩසටහන්..”

  1. nilu perera says:

    No USA?
    Apith ekka tharahada?
    Ape salli nam hoday lokkanta

  2. රජන්ගනේ යාය 7- පිම්පි චාමර says:

    ආදානි කියන්නේ මල්ලි මගේ හොදම යාලුවෙක්, සල්ලිකාරයෙක්.
    එය අපේ ගෙදර ගෙන්නලා මාර සොමියක් දුන්නා.

    මට මර වාසි, එය ගෙදර අය‍ට ව්ද්දට මොකද අනේ මල්ලි
    මට මර වාසි, එය ගෙදර අය‍ට ව්ද්දට මොකද අනේ මල්ලි
    මට මර වාසි, එය ගෙදර අය‍ට ව්ද්දට මොකද අනේ මල්ලි

  3. David Milli-banda says:

    SL looking tourists with COVID. These Countries are now beggars waiting for the Chinese Tourists and we look to these countries for Tourists.

    It must be a program by that Gona Prasanna Ranatunga with a hidden agenda.
    SL only has to notify our Amb. Palitha Kohona in China, he will fill our hotels with Chinese Tourists all through 365 days of the Year. Today, the spending power is with the Chinese.

  4. Disanayake says:

    මාලදිවයින්කාරයෝ සංචාරකයන් නොවේ. ඔවුන් ලංකාවට එන්නේ නොමිලේ ලෙඩවලට ප්‍රතිකාර ගන්න, ලමයින්ව ඉස්කෝලවලට දාන්න, අනික්කුත් රජයෙන් දෙන දිමනා ලබාගන්නයි. කොටින්ම කියතොත් මාලදිවයින්කාරයෝ ලංකාවට බරක්. ඒමදිවට රටපුරාම.