ශ්‍රී ලංකාවට ෆේස්බුක් සිමා කිරීමක් අතලග…
February 18, 2021 at 10:24 pm | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඕස්ට්‍රේලියාවට මෙන් ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සිමා වීමක් අත ලග
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ප්‍රචලිත කිරීමට නම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ලියාපදිංචි වියයුතු බව විෂයභාර අමාත්‍යවරයා විසින්ද මිට පෙර ප්‍රකාශකොට තිබිණි. පුවත්පත් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි නව මාධ්‍ය ලෙස ආවරණය කරගනිමින් 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය සදහා වන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවක් දැනගන්නට ලැබේ.
මෙම තත්වයන් යටතේ නොදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවේ මෙන් ශ්‍රී ලංකාවටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ පහසුකම් අහෝසි වීමක් සිදුවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
අපි ෆේස්බුක් පාවිච්චි කරණවා කියන්නේ මාක් සකර්බර්ග් නැමති ධනපතියා තවත් ධනවත් වෙනවා කියන එකයි.
අපේ රතු සහෝදරවරු 88/89 කලා වගේ, ඇමෙරිකාවෙ මිනිස්සුත් කර්මාන්තශාලා ගිනි තියලා ධනපතියන් විනාශ කලා නම් අද සකර්බර්ග් ධනපතියා ඇමෙරිකාවේ බිහි වෙන්නෙ නෑ.
~කාල් මාක්ස් පිහිටයි~
මාක්ස්වාදී ජෙප්පා.. ට..
උඹ තාමත් යන්නේ ගොන් කරත්තේ ඉස්සරහ නාස් ලණුව දාගෙන ඉන්න යුගයකද කියලා මට සැක..?
යකෝ බලපන් අපේ පාසල් යන කොල්ලෝ කෙල්ලන්ගෙ අතේ තියෙන මොබයි ෆෝන්..!
ඒ කාලේ උඹේ ගෑණි උඹව කොන්ඩොම් එකෙන් පාලනය කලත් අද ” ගූගල් ” ගිහිල්ලා බලනවා උඹ කාගෙ ගෙදරද ඉන්නේ කියලා අතේ තියෙන මොබයි ෆෝන් එකෙන්ම..!
මුන් කෙලවගන්න හැම සැරේම අන්තිමට ජෙපොන්ට හරි JR හරි යහපානනෙට හරි බැනලා හිත හදාගන්නවා. පවු යකෝ මේ වහල්ලු. ~කාල් මාක්ස් පිහිටයි~ ~බැසිල් පිහිටයි~ ~ලන්සා පිහිටයි~kal@gmail.com
Hiding failures by ban
ඕව කොයි කාලෙට ගැලපෙන කතාද අනේ ? මේ ලගදිනේ විමල් වීරවංශ ශුරීන් කිව්වේ ගූගල් වර්ජනය කරමු කියල . ඒ ක්‍රමය හරි . ශෝක් . එකනේ ඉහලම මනාපෙන් දිනුවේ.බුද්ධිමත් ජනතාවගේ චන්දෙන් .
ඔය රෙද්ද සංගමේ ඉන්නෙ මූ විතරයි. සභාපති, උප සභාපති, ලේකම්, කාරක සභික, කම්කරු සේරටම ඉන්නෙ මූ විතරයි. මිනිස්සු බය කරල ආතල් එකක් ගන්න මානසික ලෙඩෙක් මූ.
Face book is not the most important thing in this world that we have to worship. It has its loyalty to not this country it works to the program of another country and those who force us to embrace it are the agents of those foreign powers. There’s no need to consider face book in dealing with our home affairs. Face book doesn’t mean shit to us
ඇත්තටම ඒක හොදයි. මොකද හිතෙන හිතෙන එකා ප්රවෘත්ති කියනවා. ඊට පස්සෙ කියපු එකත් නෑ. කියපු ප්‍රවෘත්තියක් වෙලා තියා වෙන්න හිතලවත් නෑ…
Government will like this. As most of the news negative to them.
Face book should banned in Sri Lanka
Young generation get back to work
ඔය රජීව් කියන එකා තනිකරම මානසික ලෙඩෙක්.උගෙ සංගමේ ලේකම් සබාපති උපසභාපති ඔය හැම තනතුරම කරන්නෙ ඌ.නිකන් බොරුවට මිනිස්සු බය කරල ආතල් එකක් ගන්න ගොං හරකෙක්.
සංගමේ ඉන්නෙත් ඌ විතරද මන්ද……
අනිවාර්යෙන්ම සීමා පැනවිය යුතුමයි. ඉස්සර වගේ නෙමේ පච පොස්ට්, මඩ ගැහීම් වැනි වැරදි දේවල්මයි දැන් FB share වෙන්නෙ…
මේ කරන්න හදන්නේ ෆේස් බුක් මගින් රජයේ කටයුතු විවේචනය කිරීම වලක්වන්නයි. ඕස්ට්‍රේලියාවේ කරන්න යන විදියට ලංකාවේ කරන්න යනවා කියන්නේ මෙහි අන්තර්ගතය සඟවා ගැනීමට කියන අමූලික බොරුවක් .
ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය විශාල වියදමක් දරා ලබා ගන්නා ප්රවෘත්ති, කිසිම වියදමක් නැතිව ගෙඩිය පිටින්ම ෆේස් බුක් එකේ පල කරනවා. ඒ සඳහා ජනමාධ්‍ය වලට යම් මුදලක් ගෙවන ලෙස නීති සම්පාදනය කිරීමෙන් පසුව, ෆේස් බුක් මගින් පුවත් පලකිරීම වාරණය කළා. එයින් මාධ්‍ය ආයතන වලට සිදු වූයේ යහපතක්. බොහෝ දෙනෙක් ෆේස් බුක් හරහා පුවත් කියවීම නිසා, මාධ්‍ය ආයතන වල වෙබ් අඩවි වලට ලැබිය යුතු ප්රචාරක ආදායම ෆේස් බුක් එකට ලැබුනා. නමුත් දැන් ඒ විව්ස් ලැබෙන්නේ ඒවායේ මුල් අයිතිකරුවන්ටයි. ලංකාවේ සිදු කරන්න යන්නේ ඕස්ට්‍රේලියානු සිද්ධිය විකුණා, පුවත් වාරණයක් ඇති කිරීමටයි.