ශ්‍රී ලංකාවේ නිතීයේ ආධිපත්‍ය බිද දමා නීතියට ඉහළින් භික්ෂූන් ක්‍රියාත්මකයි.. රට අදුරු යුගයකට යමින් සිටී..- ආසියානු මානවහිමිකම් කොමිසම..

June 28, 2017 at 12:13 am | lanka C news
ශ්‍රී ලංකාවේ නිතීයේ ආධිපත්‍ය බිද දමා නීතියට ඉහළින් භික්ෂූන් ක්‍රියාත්මකයි.. රට අදුරු යුගයකට යමින් සිටී..- ආසියානු මානවහිමිකම් කොමිසම..

මේ රටේ ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාරයන් එල්ලවන බවට නීතිඥ ලක්ෂාන් ඩයස් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ කල ප්‍රකාශ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කලේ තමා ඒ සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ විමසු විට එවෙනි සිදු වීමක් තමන් වහන්සේ වෙත වාර්තා වි නොමැති බවයි.

ඒ අනුව යමින් අධිකරණ හා බුද්ධශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කල සිටියේ මෙවෙනි අසත්‍ය ප්‍රකාශ කරන නීතිඥවරයෙකු මෙසේ පැවසීම සම්බන්ධව පැය 24 ක් යෑමට පෙර එම ප්‍රකාශය සම්බන්ධව සමාව ගත යුතුය යන්නය.

එවෙනි අවස්ථාවක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි ප්‍රමුඛව සංග සභාව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ බෞද්ධයන්ට සහ භික්ෂූන්ට එරෙහිව යම් වැඩපිළිවෙළක් රටතුල ක්‍රියාත්මක වන බවයි.

ඒතෙක් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කොට පොලිසියට දින කිහිපයක්ම සොයා ගැනීමට නොහැකිව සිට තිබු ගලගොඩඅත්තේ හිමියන් ඊට පසු දිනම අධිකරණයට භාරවීමත් සමග ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ නොවීම නිසා ඇප ලබාදුන් අතර දෙමළ චිත්‍රපටයක ආකාරයෙන් එදිනම වෙනත් සිද්ධීන් දෙකකට පොලිස් අත් අඩංගුවට ගෙන එකම දින අධිකරණය ක්‍රියාත්මක වන පැය 7 කාලයක් තුල ඇප ලබා දුනි.

එම ඇපදීමට කැපී පෙනෙන ලෙස කටයුතු කලේ පසුගිය රජයේ දූෂණ සම්බන්ධව ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපණේ සුමංගල හිමියන් වන අතර ඔහුගේ දූෂණ විරෝධී කාර්යාලය පිහිටා තිබෙන්නේ ජනාධිපති සම්බධීකරන ලේකම් නීතිඥ ශ්‍රිරාල් ලක්තිලකගේ කාර්යාලයේ කොටසකයි.

මෙම සියලුම කරුණු හමුවේ ආසියානු මානවහිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකාව අදුරු යුගයකට ගමන් කරමින් සිටින බවත් නිතීයේ ආදිපත්‍යට ඉහලින් අසගිරි පාර්ශවය ඇතුළු ගරුතර සංඝරත්නය ක්‍රියාත්මක වන බවත් අධිකරණය අමාත්‍ය විජේදාස රාජපක්ෂ නීතිඥ ලක්ෂාන් ඩයස් සම්බන්ධව ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධවත් අනතුරු අගවා ඇත.

Link

24 views