ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැගිටිනවා.. 2020 ආර්ථික වර්ධනය 3.7% වේවි..- IMF

February 8, 2020 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැගිටිනවා.. 2020 ආර්ථික වර්ධනය 3.7% වේවි..- IMF

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

2020 ලංකාවේ ආර්ථික වර්ධනය 3.7% ක සීමාවේ පවතිනු ඇතැයිද ඔවුන් පුරෝකතනය කරයි.

එහි නියෝජිතයන් ශ‍්‍රී ලංකාවේ නිරීක්ෂණ සංචාරයෙන් පසු නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

පසුගිය වසරේ මෙරට ආර්ථික වර්ධනය 2.6% ලෙස ඔවුන් ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේදී එය 3.7% දක්වා ඉහළ යනු ඇති බව ද සඳහන් කර ඇත.

නමුත් චීනය තුල ඇති වී තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය ආර්ථික වර්ධනයට බාධාවක් විය හැකි යැයි ද තවදුරටත් එම වාර්තාවේ දැක්වෙයි.

106 views

7 Comments to “ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැගිටිනවා.. 2020 ආර්ථික වර්ධනය 3.7% වේවි..- IMF”

  1. Ravana Parapura says:

    රාවණ යුගය නැවත පිබිදීමක් ජය

  2. p.d goonawardena says:

    මගේ රටට දළදා හිමි සරණයි ……….

  3. බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී .ජනපතිගේ , හෙළදිව සෞබාග්‍යය කරා රැගෙන යන චාරිකාවට ලැබෙන
    ජාත්‍යන්තර යහපත් ප්‍රතිචාර එහි ආරම්බයේදීම දිස්වන සුබ නිමිතිය.
    ජය ධරණී!

  4. Aurora says:

    තව අවුරුද්දකින් එනම් 2021 ආර්ථික වර්ධන වේගය 7.3% විධියට ඉලක්කම් මාරුවෙලා එනවා නියතයි. මගේ රටට දෙවි පිහිටයි. අභීත, ඍජු නායකත්වයට ආචාර වේවා!

  5. Don sarath rupasiri dsr kannangara says:

    Ohoma yamu avurudu 12k, Lankawa goda

  6. desta says:

    hora deshapalakayo tika europe japan walin luxury wahana genalla wenna ethi koti 28000ka mun genath apita mara sepak dunne kalakanni thuk

  7. Lal says:

    ඕව IMF එකට ලංකාවෙන් ලියල දුන්නු බයිලා…ආර්ථිකය ගොඩගන්න බහ සජිත් නැතිව…ඔය ගොතය අතුල පොහොට්ටු කාරයෝ දැන්වත් බයිලා ගහන එක නවතාල සජිත්ට බර දීල බැහැල පල!

Main News