ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මෙවර ඉෆ්තාර් උත්සවය අත්හිටුවයි.. ගිය වසරේ සංහිඳියාවට ඉෆ්තාර් උත්සව දෙකයි.. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙනස..

June 26, 2017 at 10:31 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මෙවර ඉෆ්තාර් උත්සවය අත්හිටුවයි.. ගිය වසරේ සංහිඳියාවට ඉෆ්තාර් උත්සව දෙකයි.. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙනස..

ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂප් විසින් පසුගිය වසරේ එනම් 2016 ජූනි මස ශ්‍රීලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉෆ්තාර් උත්සවයක් පැවත් වු අතර එයට අමතරව යාපනයේ සහ කොළඹ ෆාතීමා ලමා මධ්‍යස්ථානයේදි භෝජන සංග්‍රහ 2 ක් ද පැවත්වුහ.

එහිදි තානාපතිවරයා මුස්ලිම් ජාතිකයින් අමතමින් ශ්‍රීලංකාවේ එක්සත් රටක් ලෙස දැකීමට සියලුම ජාතින් එක්ව කැපවීමකින් කටයුතු කල යුතු බවට සංහිඳියාව පිලිබිඹු වෙන කතාවක් කල අතර සිවිල් සංවිධාන ඇතුළු මාධ්‍ය ප්‍රධානින්, රාජ්‍ය නිලධාරින් සහ මුස්ලිම්වරුන් සහභාගි වු බව ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි. Link

එහෙත් ඇමරිකාවේ ඔබාමා පාලනයේ සිටි සිටි රාජ්‍ය ලේකම් ජෝන් කෙරි අද නැත. ඒ වෙනුවට අද ඉන්නේ නව රාජ්‍ය ලේකම් රෙක්ස් ට්‍රිලිලේෂන් ය. එදා සිටි රාජ්‍ය ලේකම් ඇමරිකාවේ තම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එනම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසරකට ඉෆ්තාර් උත්සවයේ භෝජන සංග්‍රහයට අමතරව ඇමරිකානු මුස්ලිම් ජාතිකයන් තානාපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් වෙනුවෙන් ඔහුන්ගේ මක්කම වන්දානව සමයේ එනම් Eid al-Adha උත්සවය වෙනුවෙන් ද වසරකට දෙවරක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව භෝජන සංග්‍රහයන් පවත්වා ඇත.

එහෙත් මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව පරිපාලනත් සමඟ රාජ්‍ය ලේකම් රෙක්ස් ට්‍රිලිලේෂන් විසින් ඒ සියල්ලම නවතා දමා ඇත. ඒ සම්බන්ධයෙන් එවෙනි උත්සව සංවිධානය කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාත්‍යන්තර කටයුතු හා ආගමික දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන බව ලෝක රොයිටර් සේවය වාර්තා කරයි. Link

160 views
Main News