ලංකාවට ඇටවූ ජිනීවා උගුල ගැන ඇස් උඩයන කතාවක් ලෝ සුපතල සගරාවක කියයි..
December 23, 2018 at 3:24 am | lanka C news
දෙවරක්ම නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වූ තුර්කි ජාතික මහාචාර්ය මහමත් ගුසෙල් ලංකීක විද්වතෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා සමග එක්ව පර්යේෂණ ආශ්රයෙන් සකස් කරනාලද නිබන්දනයක් සුප්‍රකට ශාස්ත්‍රීය සගරාවක් වන ‘ ද වර්ඩ් ඔෆ් ටර්ක්ස්’ (THE WORL OF TURKS) හී අලුත්ම කලාපයේ පලවී ඇත.
ලොව පුරා අධ්‍යාපනඥයින් විසින් පරිශීලනය කරනු ලබන මේ ශාස්ත්‍රීය සගරාවේ මහාචාර්ය ගුසෙල් සහ ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් 2016 දී සම්මත කරනා ලද ජාත්‍යන්තර ත්රස්ඨවාදය වැලැක්වීමේ සැලසුම (United Nations Global Counter Terrorsim Strategy) නොසලකා ලංකාවට එරෙහිව ජිනීවා 30/1 යෝජනාව සම්මත කිරීමෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වරදක් කර ඇති බවය.
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හදුනාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 32 ක් විසින් තහනම් කොට තිබූ එල් ටී ටී ඊ සංවිධානය , රටක අභ්‍යන්තර අරගලයක යෙදෙන රජයේ නොවන අවිගත් කන්ඩායමක් (NON STATE ARMED GROUP ) ලෙස නමි කිරීමෙන් හා ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානවවාදී නීතීන් අයුතු ලෙස භාවිත කරමින් තම යෝජනාවේ වපසරිය ලංකාවට පමනක් සීමා කිරීමෙනුත් අදාල කාල සීමාව යුද්දයේ 2002-2009 කාලයට සීමා කිරීමෙනුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තිස් වසරක් පුරා ලංකාවේ මනුශ්‍ය ඝාතන වලට මුදල් සැපයූ අද පිටරටවල සිට ලංකාවේ දේශපාලනයට අත පොවන අන්තවාදී දෙමල ඩයස්පෝරාවට නීතියෙන් ගැලවීමේ මාර්ගයක් ලබාදී ඇති බවද මේ අධ්‍යාපනඥයන් දෙදෙනා තම පර්යේෂ්ණ නිබන්දය හරහා පෙන්වා දී ඇත.
ජිනීවා යෝජනාවලිය හරහා ලංකාවේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරව නඩු පැවරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ලංකාවේ යහපාලන රජය පසුගිය වසර 4ක් කාලය පුරා ජිනීවා යෝජනාවල අපේක්ෂිත විවිධ අන පනත් සම්මත කරමින් එ සදහා අවශ්‍ය නීති රාමුව සකස් කරමින් සිටිනා බවත ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් සරත් වීරසේකර ඇතුලු ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් කාලයක් මුලුල්ලේ පෙන්වා දුන් අතර මේ සතියේ පුවත් පත් වල වාර්ථාවී තිබුනේ යුධ ජයග්‍රහණයට දායක වූ හිටපු ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, හමුදාපතිවරයා ඇතුලු පිරිසකට ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට අන්ත්වාදී දෙමල ඩයස්පෝරාවේ නීතීඥයින් සූදානම් වන බවය.
එක්සත් ජාතීතීගේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලක්වීමේ වැඩසටහන යටතේ එල් ටී ටී ඊ මුදල් පාලනය කරන්නන්හට එරෙහිව ක්‍රියා කල යුතු බවට ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් කලක තිස්සේ නගන හඩ කෙතරම් යථාර්තවාදීදැයි මේ අනුව වටහා ගත හැක.
– චාමින්ද කරුණාරත්න
It is worth while to read the original article as it is, and we are appreciative to have a link to it. Thank you.
” THANK YOU VERY MUCH ”
GOOD JOB. 👹👹👹👹👹👺👺
මේවා මේ පින්සිරි මොංගල් මංගල් දක්ෂතාවයන් තමයි. එක අතක් වෙනුවට අත්දෙකම උසවා මේ පින්භිම බේරාගත් උදාර රණවිරුවන් මිනිස්ගාතන් කලායැයි පිළීගත් වරදින් තමයි අද මේ දේවල් උද්ගතවේගෙන එන්නේ.
Thank you so much This is the real way to attach such allegations. Well done. a great job
Thank you Dr. Nalaka Godahewa.
Hope the Sri Lankans will appreciate your work for and onbehalf of the Country.
I say this because Sri Lankans are a bunch of self centered selfish people thinking of themselves & not the Country as a whole.
Thank you once again.
Pinsiri Mongal uge paudgalika waasiyata rata wikka disporawata saha batahirata.
I agree with Dr Godahewa. – 100 %
Thank you for your courage and loyalty to your country