ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි…- Moody’s අලුත්ම වාර්තාව මෙන්න..

April 10, 2018 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි…- Moody’s  අලුත්ම වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී.

2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය – දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.

මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් කල උගන්ඩාව, රුවන්ඩාව වැනි රටවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s Investors Service වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් රජයේ ආදායමෙහි ඉහළ යාමක් සිදුවනු ඇති බවයි.

– biz.adaderana.lk

 

139 views

6 Comments to “ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි…- Moody’s අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Mahasona says:

    තව වසර දෙකක් මේ රජය හිටියොත් අපේ රටේ විනාසය සිංහලයෙනි නිදාගත්තා දැන් ඇති නැගිටපල්ලා

    • click says:

      Yes, Yes, during last regime, the amount of total loan value was even below the most developed countries of the world.

      What a tragedy.

      Beggars at Kelani are so much better than you buggers who comment for the money.

    • snb says:

      nagitala iddima tamai munta chandeth deela tiyenne ithn

      • darshana says:

        විගනකාදිපති වරයා මේක කිව්වම අර දේශප්‍රෙමි පොහොට්ටුවේ අය විශ්වාස භන්ගයක් ගේනවා කිව්ව නේද? ණය වෙච්ච විදිහ එතුමා ලස්සනට පැහැදිලි කරා.

  2. නෙවිල් says:

    ලක්ශ 62 ගොනුන්ට දැන් සැප ඇති …

  3. daminda says:

    `arthikae maha wenasa…….

Main News