ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් සාමකාමීයි.. අප ආයෝජකයින්ට මිත්‍ර‍ශීලීයි..එන්න ආයෝජනය කරන්න..- අර්ජුන මොරොක්කෝවේදී ලෝකයෙන් ඉල්ලයි..

March 22, 2017 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් සාමකාමීයි.. අප ආයෝජකයින්ට මිත්‍ර‍ශීලීයි..එන්න ආයෝජනය කරන්න..- අර්ජුන මොරොක්කෝවේදී ලෝකයෙන් ඉල්ලයි..

බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍ර‍තම වර්ධනය ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත්වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම වර්ධනය 10.6% කි.

“ශ්‍රී ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් සාමකාමී වාතාවරණයක්. මේ වන විට රජය සහ ආයෝජකයින් අතර මිත්‍ර‍ශීලී සබඳතාවක්ද පවතිනවා. මේ නිසා කොළඹ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වාණිජ වරායන්හි ආයෝජනය සඳහා විශේෂ අවධානයක් ඔබට යොමු කළ හැකියි. එවැනි අවස්ථා මොනවාදැයි හඳුනා ගැනීමට අපේ රටට පැමිණෙන්නැයිද මම විවෘත ආරාධනාවක් කරනවා….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

මේ බව කියා සිටියේ මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේ සමුද්‍රීය දින සම්මන්ත්‍ර‍ණය අමතමිනි.

ඊයේ අවසන් වූ (21) ක්‍රාන්ස් මොන්ටානා ජාත්‍යන්තර සමුළුවෙහි තේමාව වූයේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century) යන්නයි. එම සමුළුවේදී අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව, දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලිය උදෙසා කාන්තා භූමිකාව, අප්‍රිකාවේ කුඩා දූපත් සංවර්ධනය, අනාගත නායකත්වය, නැගී එන ආර්ථිකයේ බලශක්ති උත්පාදනය සහ බෙදා හැරීම, අප්‍රිකාව, කුඩා දූපත් සංවර්ධන ජනපද සහ ජාත්‍යන්තර සමුද්‍රීය වෙළඳපොළ යන විෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු විණ. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය දේශනය පැවැත්වූයේ “ ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, ප්‍ර‍තිපත්ති සහ ව්‍යාපෘති” තේමාව යටතේයි.

“ශ්‍රී ලංකාවේ වරාය සේවා මේ වන විට දකුණු ආසියාවේ ඉතා ක්‍රියාශීලී සහ කැපවීමෙන් සේවා සපයන කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස ශීඝ්‍ර‍ දියුණුව කරා ගමන් කරමින් සිටිනවා. එහිදී අපගේ ප්‍රධානතම වරාය වන්නේ කොළඹ වරාය. ශ්‍රී ලංකාවට එන නෞකාවන්ගෙන් සියයට 87ක්ම මේ කොළඹ වරායේදී හසුරුවනවා. බහළු මෙහෙයුම් සියයට සියයක් සිදුකරන්නේද කොළඹ වරාය. ඇල්ෆාලයිනර් වර්ගීකරණයට අනුව 2015 වසරේදී මේ කොළඹ වරාය 26 වැනි ස්ථානයට පැමිණියා. ඉන්පසු 2016 වසරේදී 23 වැනි ස්ථාන දක්වා ඉදිරියට පැමිණියා. ඒ අනුව බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍ර‍තම වර්ධනය (10.6%) ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත් වී තියෙනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ක්‍රාන්ස් මොන්ටානා සංවිධානය ස්විස්ටර්ලන්තයේදී ආරම්භ වූයේ 1986 වර්ෂයේදී ය. උසස් මට්ටමේ වගකීම් දරන සියලුම පාර්ශ්ව අතර ස්ථිර සංවාදයක් ඇතිකිරීම එම සංවිධානයේ අරමුණ වී තිබේ. එහි පළමු සමුළුව 1990 දී පැවැත්විණි. මොරොක්කෝවේ ඩක්ලා නුවර පැවැති මෙවර සමුළුවේදී අප්‍රිකාව සහ ඒ ආශ්‍රිත කුඩා දූපත් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

– තමීර මංජු

4,249 Viewers

3 Comments to “ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් සාමකාමීයි.. අප ආයෝජකයින්ට මිත්‍ර‍ශීලීයි..එන්න ආයෝජනය කරන්න..- අර්ජුන මොරොක්කෝවේදී ලෝකයෙන් ඉල්ලයි..”

  1. ranjith fernando says:

    මුගෙ බොරු. අද උදේ ලංකාවෙ ඉඳන් එන මිතුරෙක් ව්‍යාපාරිකයෙක් මුන ගැහුනා. ඔහු කිව්වා ලංකාව දැන්නම් ඉවරයි පලාතෙඑන්නවත් එපා කියලා. මිනිස්සු ඉන්නේ ඉතාම කනස්සල්ලෙන් කිසි දෙයක් මිලදී ගන්නෙ නෑ. ආන්ඩුවෙ අයට නම් හොඳයි හොඳ වාහන මිල මුදල් ඕනැතරම්. අනිත් අය හාමතේ

  2. සෙනසුරා says:

    අර්ජුනගෙ ඇඟයි කුහක කමයි තරමට බුද්ධියත් වර්ධනය වෙලා තිබුනනම් අවබෝද වෙනව මේ ආන්ඩුව හොරුන්ගෙ ගුබ්බෑයමක් කියල ඉන්වෙස්ට්මන්ට් නොදන්න මිනිස්සුත් ඕනවටවත් වඩා තේරුම් ගෙන ඉන්නෙ කියන ටික.

  3. අයෝජකයෝ කීදෙනෙක් ඇවිත්ද බං කොපමණ අයෝජනයක් රට තුල කරලාද කියලා මහජනයාට කියපන්කො අර උඹලා එද්දී හර්‍ෂයා කියපු ෆොක්ස්වාගන් දැන් ලංකාවේ ඉඳන් වාහන කීයක් අපනයනය කරාද කියලාත් කියපන්කො?????????

Main News