ශ්‍රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක්…
December 29, 2017 at 2:05 am | lanka C news
2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොදම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇත.
ඉන්දියාවේ නවදිල්ලි නුවර දී එම සම්මාන උත්සවය පැවැත්විනි.
දකුණු ආසියානු රටවල හොදම නව ජන්ම ප්‍රවාහන සේවාවක් ඇත්තේ ශ්‍රී ලංකාවෙයි. එම සම්මාන උත්සවයේ දී ලැබුන සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.
ළදරු මරණ වලින් සියයට 75 ක් සිදු වන්නේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙනි. තව ද නොමේරු සහ අඩුබර දරු උපත් වලින් 1/3 ක් මිය යන්නේ එම දරුවන් ඉපදී පළමු මාසය තුලයි. එවැනි දරුවන් ආරක්ෂා කිරීම සදහා නව ජන්ම ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි. ඒ සදහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍ය නිලධාරීන් සහ හෙද හෙදියන් ද ඊට අනුයුක්ත කොට ඇත.
ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සදහා මෙම ප්‍රවාහන සේවාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කොළඹට පමණක් දැනට සීමා වී ඇති මෙම වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනී ළමා රෝග විශේෂඥ වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පර්යේෂණ හා පුහුණූ සුනිල් ද අල්විස් මහතා ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී