ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..

February 1, 2021 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..

මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම (31) වව්නියාවේ පක්ෂ කාර් යාලයේදී රැස්වී එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතාමේ බව  පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා පවසා සිටියේ,

‘ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා ඒ වගේම මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

‘උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේනතුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත්  සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින්  මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා. යනුවෙනි.

මෙම අවස්ථාවට පාරිලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,896 views

23 Comments to “ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..”

  1. Nimal says:

    මෙි ඉන්නේ ගවපාලු ආන්ඩුවෙි නිතිි උපදේසක. මුන්ව හුරතල් කරේ ගවපාලුවෝ මුං තමයි ආපහු මානව හිමිකමි රෙද්දක් ඇදගෙන පරන සෙල්ලම පටන් ගන්ට යන්නේ.

  2. ඊනියා නිදහස. says:

    සිංහල ජනතාව ඊනියා නිදහස සමරයි. පෙබරවාරි 04 ගොඩ සුද්දන්ගේ නිදහස ලැබූ දිනයයි.

  3. ගමේ මනුස්සයා says:

    ආර්තික අසාර්ථකභාවයට අමතරව මෙවැනි ජාතීන් අතර අසමගිය ඇතිවන ජාතිවාදී ක්‍රියාකාරකම් නිසා සදාකාලික් දියුණුවෙමින් පවතින ජනතාවට කිසිම් සහනයක් සෙතක් නොවී රට මේ විදියටම යයි.ඒත් මේ ක්‍රියාකාරකම් කරන අයෙගෙ ජීවිතය සුකවිහරනය බලන්න.සාමාන්‍ය ජනතාව විදින දුක් විදිනවද??

  4. Pad Sajith Lick ISIS & L.T.T.E Ass says:

    කොහොද සුමන්තිරන් උත්තෝ ජාතික ගැටළුවක් තියෙන්නේ..?? තියෙන එකම ගැටළුව තොපි වගේ අවජාතක කාලකන්නි ජීවත් වෙලා ඉන්න ගැටලුව විතරයි..

  5. Look Tamil friends in the North & East, your bogus leaders like Sumandiran, Sambandan, Vigneswaran, and all other, ” an s ” who live very comfortable luxurious lives funded by Extreme racial Tamil fascists in Southern India and the Western Diaspora Tamils in the West, whose only motive is Not to give any Eelam or a rich comfortable life for the ordinary Jaffna Tamil, but to drag you all Tamils in Sri Lanka into another Terrible Calamity and Catastrophe which could end up worse then that happened in the Last useless War carried out by the LTTE leader Prabhakaran.

  6. Razor says:

    No-one cares. we do celebrate it with whatever government, because it is not a political event, Many patriots sacrificed their lives to gain independence. Those who has no clues do try to define it through their opinions.
    These ruthless extremists get hold of the innocent people and turn them where they want to,
    Can I ask a few questions? where were they born? from where they got the free health facilities? from where they got their education? what is the parliament they represented? These culprits are a burden to the country and same for their own people.

  7. Gon Demala says:

    වර්ජනය බැරිනම් තියලා ඉන්දගනින්. අපිට පාන්ද ?

  8. We are Lions says:

    They will celebrate only independence day of india?

  9. Vesamuni says:

    You ……g Tamil racists, your home country is Tamil Nadu. Go there and celebrate your independence with ……g Indians.

  10. praba says:

    සමරන්නෙ නැත්නම් පලයල්ල යන්න. මේ අපේ රට උඹලට ඉන්න බැරනම් අපිට කරන්න දෙයක් නැහැ.

Main News