ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..

February 1, 2021 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..

මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම (31) වව්නියාවේ පක්ෂ කාර් යාලයේදී රැස්වී එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතාමේ බව  පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා පවසා සිටියේ,

‘ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා ඒ වගේම මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

‘උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේනතුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත්  සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින්  මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා. යනුවෙනි.

මෙම අවස්ථාවට පාරිලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,893 views

23 Comments to “ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා..”

  1. නයා says:

    තොපි මොකටද අපේ නිදහස සමරන්නෙ

  2. කුඹුක්කණ් says:

    ආ , දුංකොල දෙමලුන්ට , දුංකොල කපලා පඩි දෙන දවස උන්ගෙ නිදහස් දිනය කරන්න

    දුංකොල හැත්ත

  3. මධු says:

    හොඳයි..ඔවුන්ට ශ්‍රී ලංකා ජාතික දිනයට විරෝධය දැක්වීමට අවශ්‍ය නම්, පළමුවෙන්ම ඔවුන්ගේ ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය රජයට භාර දෙන්න.

  4. fass says:

    Lankawe inna ekath warajanaya karala ekko panapan muhudata ehema nathnam palayan Tamilnaduwata…

  5. ක්‍රිමිනල් තැරිදාර රනිල් says:

    තොපිට නිදහස හම්බවුනේ 2015දිනේ දැන් කොටින්ගේ නිදහස ඉවරයි. දැන් සාමාන්‍ය ජනතාවගේ නිදහස තොපි දැන් හිරේ ඉන්න ඕනේ.

  6. පුරවැසියා says:

    ජාතියක් ජන්මයක් නොමැති ,විවිධ රටවල පුරවැසිකම් ඇති ,නාමික දෙමළ තක්කඩි වසලයන් ජාතික දිනයක් සැමරීමේ උවමනාවක් නැත
    ජාතික දිනයක වැදගත්කම ඇත්තේ ජාතියක් ඇති අයටය
    ඉන්දියාවෙන් ලංකාව වෙත සංක්‍රමණය වී සිටින මෙම කාලකන්නි ඉන්දියාවේ ජාතික දිනය සැමරීම සුදුසුය
    බහුතර දෙමළ මිනිසුන්ට මේ ගැටළු නැත

  7. Gihan says:

    Sri Lanka is the only country bend on their knees in front of minorities just because of votes. Entire Europe called “genocide island” to Sri Lanka. Tamils or Muslims never consider themselves as srilankans. They always wanted separate states within this tiny island. Please Sinhalese come forward and protect our country, Politicians will never do it. We need to increase our population up to 90%
    Let’s do it this decade otherwise we will not have a country for ourselves.

  8. MD says:

    ඔයාගෙ ඔය කථා 2015ට 2019ට හොඳ වෙන්න ඇති.දැන් හොඳටම ඇති මිනිස්සු රැවටුවා.දේශපාලන ජිවිතේ යන එන මන් නැතිව ඉන්න ඔයාලට මොනවහරි කරගන්න ඕන නිසා සුනඛ වැඩ කරන්න ඵපා.

  9. රාමා says:

    බුද්ධා ආවෙත් ඉන්දියාවෙන් තමයි. බුද්ධාගම ලැබුනෙත් එහෙමයි….අපෙන් දැනගෙන අපටම උගන්වන්න ලෑස්ති වෙන්න එපා හරිද? වැඩිය සද්ද වානා…ඉන්දියාවේ අපේ උන්ට කියලා හුජ්ජ කරවලා ගිල්ලල දානවා රටම බලාගනින්

    • saji says:

      බුද්ධා? lokaye upan uthumma minisata nigraha karanta epa mahattaya. anayagamika asathpurushayek misa kisima sista sampanne minihek oya vidiyata budun wahanseta apahasawanavidiyata kata karanne nae.

  10. david milibanda says:

    What Independence for Kallathonis.

Main News