ශ්‍රී ලංකාවේ පරමාදර්ශී පුද්ගලයා ලෙස කුමාර සංගක්කාර තේරී පත් වේ..

September 24, 2016 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ පරමාදර්ශී පුද්ගලයා ලෙස කුමාර සංගක්කාර තේරී පත් වේ..

ඊයේ රාත‍්‍රියේ කොලඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්’ සම්මාන උලෙලේදී ශ‍්‍රි ලංකාවේ පරමාදර්හී පුද්ගලයා ලෙස හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාර තේරී පත් විය.

එම සම්මාන උලෙලේදී විවිධ ක්‍ෂෙත‍්‍ර 13ක් සදහා පිරිනැමුනු සම්මාන හිමිවූ පුද්ගලයින් මෙසේය.

විශිෂ්ට ශ්‍රී ලාංකේය සළකුණ – කුමාර් සංගක්කාර

ක්‍රිඩා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා – මැතිව් අබේසිංහ.

සම්භාව්‍ය කලාකාමියා – කලාසූරි ආචාර්ය අරුන්දති ශ්‍රී රංගනාදන්

විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා – ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්

අන්තර්ජාතික විනෝදාස්වාදන ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකිකයා – භාතිය සන්තූෂ්

අන්තර්ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා – මෙරිල් ජේ ප්‍රනාන්දු

ශ්‍රී ලාංකික වීරත්වය උදෙසා සම්මානය – ත්‍රිවිද හමුදා රණවිරුවන්ට

විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යවසායකයා – ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය.

අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික විද්‍යාඥයා – වෛද්‍ය ගනේෂ් ප්‍රනාන්දු.

විශිෂ්ට මහජන සේවකයා සහ විශේෂ ගෞරව සම්මානය – මහින්ද දේශප්‍රිය.

අනභිනන්දිත වීරත්වය උදෙසා සම්මානය – ආචාර්ය අජිත් සී.එස් පෙරේරා, ප්‍රින්සි මංගලිකා, විල්බට් රණසිංහ යන තිදෙනාට.

විශේෂ සම්මානය – ජයන්ති කුරු උතුම්පාල.

49 views

6 Comments to “ශ්‍රී ලංකාවේ පරමාදර්ශී පුද්ගලයා ලෙස කුමාර සංගක්කාර තේරී පත් වේ..”

  1. lali says:

    Sammana ulela Hodai. Habai chathura sunil pererage adahas wimasimen “Kiri kalayata goma dagaththa

  2. lalith says:

    Mama hithuwa Dr Mervin ta mokak hari hambawei kiyala.

  3. Arjun says:

    Sanga, hodai eth paramadarshi wune kohomada kiyana eka thama therenne natthe.

  4. යෙනුර says:

    සංගා හොඳ ක්‍රීඩකයෙක්, එහි දෙගිඩියාවක් නැත. එහෙත් තවත් වසර ගණනාවක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව තිබියදී එය එසේ නොකර හුදෙක් මුදල් වෙනුවෙන් අන් රටවල ප්‍රාන්ත, ලීග් තරග වලට ක්‍රීඩා කිරීම පරමාදර්ශයක් වන්නේ කෙසේද? ඔහුගේ ක්‍රීඩා කුසලතාවයට යම් සම්මානයක් හිමි වෙනවනම් එය අගනේය. එහෙත් මෙවන් සම්මානයක් ඔහුට නොමනා බව මාගේ විශ්වාසයයි.

  5. ජයලත් says:

    අනේමන්දා..අද සිංහළ භාශාවෙ වචනවල අර්ථයගැන මිනිස්සුන්ගෙ කිසිම තැකීමක් නැතිගානයි.

  6. Anu says:

    Gotabayata sammanayk denna thibuna.

Main News