ශ්‍රී ලංකාවේ පළමු වරට රෝගීන් ප්‍රවාහණය කිරීමෙි කාර් රථ සේවාව ඇරඹේ…

April 20, 2017 at 2:26 am | lanka C news
ශ්‍රී ලංකාවේ පළමු වරට රෝගීන් ප්‍රවාහණය කිරීමෙි කාර් රථ සේවාව ඇරඹේ…

අම්පාර මහ රෝහලේ නව ඒකක විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුනි.

නව ඒකක ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300 කට අධීක වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙි ප්‍රථම වරට රෝගීන් ප්‍රවාහණය කිරීමෙි කාර් රථ සේවාව සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ආරම්භ කළ අයුරු ඡායාරූපයේ දැක්වෙි.

මෙම අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභාවෙි සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ලක්ෂ්මි සෝමතුංග, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ යන මහත්ම මහත්මින්, වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

112 views
Main News