ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙර සවි කොන්ක්‍රීට් පාලම් සවි කරයි..

October 26, 2021 at 6:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙර සවි කොන්ක්‍රීට් පාලම් සවි කරයි..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 25දින පැවැත්විණි.

කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ. මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම ,පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම , අලුත් මාවතේ පිවිසුම , ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ. ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.

මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් වරාය පරිශ්‍රයෙන් කඩා ඉවත් කරන ගොඩනැගිලි වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය, වරාය අධිකාරිය සතු ඉඩමක මහල් 17කින් යුක්තව ඉදිකිරිමට සැලසුම් කර සකස් කර ඇත.

ඉදිකිරිමට යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මහල් 17කින් යුක්තව චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරිම් සංස්ථාව මගීන් ඉදිකරනු ලබයි. මේ සදහා රුපියල් මිලියන 4099ක් වැය වේ. මාස 24ක් ඇතුලත මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතය. ශ්‍රි ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට ද වරාය තුල බහාලුම් හැසිරවීමේ කටයුතු සදහා වැඩි ඉඩම් ප්‍රමානයක් ලබා ගැනීම සදහාද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සදහාද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබා දීම සදහා කඩදාසි භාවිතයෙන් තොර මාර්ගගත කාර්යාල පද්ධතියක් වරාය අධිකාරිය සතු ඉඩමක ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ඉදි කෙරේ.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා , මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ් .ආර්. පේමසිරි මහතා , වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

53,624 views

12 Comments to “ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙර සවි කොන්ක්‍රීට් පාලම් සවි කරයි..”

  1. LalithM says:

    පෙර සවි කොන්ක්‍රීට් ලොවට හඳුන්වාදුන්නේ කීර්තිමත් ශ්‍රී ලාංකික ඉන්ජිනේරු ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මැතිතුමා. එම තාක්ෂණය භාවිතයට ගත් ප්‍රථම ඉදිකිරීම කොලඹ ආනන්ද විදුහලේ දෙමහල් ගොඩනැගිල්ලක්. ලී භාවිතයට නොගෙන කල නිර්මාණයක් 1970 වර්ෂයේ. ඉන්පසුව ලංකාවේ පාලම් විශාල ගණනකට මේ තාක්ෂණය භාවිතයට ගෙන තිබෙනවා. ඒත් පසු සවිගැන්වීමේ තාක්ෂණය ලංකාව භාවිතයට ගත් මුල්ම අවස්ථාව නව කැලතී පාලම විය හැකිය.

    • Daya says:

      ලොවට හඳුන්වා දුන් බව කීම මග්බෝධයෙන් කියන කතාවක්.

      එසේ කොහෙවත් පෙරසවි කොන්ක්‍රීට් (Pre-stressed Concrete) සම්බන්ධව සඳහන් නැහැ.

  2. අපේ රට says:

    කු/ගල දබුල්ල මාර්ගයෙ තදබදයට පිලිතුරක් වන මුත්තෙට්තුගල ගුවන්පාලම ගැන තවමත් තොරතුරක් නැත්තෙ ඇයි.

    • Saradiel says:

      කොන්ක්‍රීට් පාලම් හදන්න ප්‍රථමයෙන් හම්බන්තොට වරාය ඇතුළු අපේ රටේ බදු දුන්න ජාතික සම්පත් නැවත ලබා ගනිව් ..ඉන්දියාවට ඇමරිකාවට විකුණන ඉඩම් ජාතික සම්පත් නැවත ලබා ගනිව් …මේ සේරම ජනතාව රැවටීමට කරන බොරු වැඩ …ජනතා බදු මුදලින් පාලම හදලා ඊට පස්සේ හදපු ඇමතිගේ සමරු පලකේ ලොකුවට නම දාලා අටවනවා ,මෙය සිදුකලේ ඇමතිගේ පුද්ගලික බුදලෙන් කියලා පෙන්වීමට රටට මුදල් නැතිලු බංගලාදේශයෙනුත් ණය ගන්නවා …කොන්ක්‍රීට් පාලම් හදන්න ප්‍රථමයෙන් රටේ ණය ගෙවා ඉවර කරපියව්

  3. MD says:

    අනුර සජිත් කල්ලි කියන්නේ මේක රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි.තෙරුවන් සරණයි!!!

    • Athula says:

      ඉඩම විකුණලා ගොඩනැගිලි හදන එකම රට … කොමිස් එක ගත්තට පස්සෙ නය දුන්න රටටම විකුණලා දානවා , ඒවා පෙන්වාදෙන නායකයෝ වැරදියි. ඔහොම පලයල්ලා තව ටික දුරයි..

  4. pissu poosa says:

    විශිෂ්ටයි

  5. Sakshi says:

    Necklace robber and illicit liquor people trying to develop country with world class robber officer.

  6. Mistica says:

    Cement🤔 the normal citizens doesn’t have cement to build thire poor homes I wonder how the government does thire constructions 🤔🤔🤔🤔

    • හෙළයා says:

      වසර 3 ඉවරවිමට පෙර මැති ඇමතිලාට මුදල් රැස්කරගත යුතුයි …මේකත් එවැනි project එකක්

  7. dickie bird says:

    For Sri Lanka its Magic.
    In other Countries such bridges have connected million of miles of roads.

  8. සිසිල් සුදේශ් says:

    මොන මෝඩයොද මාධ්‍ය අංශයේ ඉන්නෙ. පෙර සවි කොන්ක්‍රීට් නිමැවුම් ලංකාවේ 1960 ගණන්වල සිට යොදා ගත්තා. ඒවාවල pre-tension, post-tension දෙවිදිහටම පාලම් ඉදිකිරීම සඳහා යොදා ගත්තා. ජොන්ස්ටන් හඳුන්වා දුන් දෙයක් නෙවෙයි. දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න, උම්බෑ ගාන්න කලින්.

Main News