ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යයි.. ඉන්දීය අපිරිසිදු වායු ධාරා ලංකාවට කඩා වදී..

October 30, 2020 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යයි.. ඉන්දීය අපිරිසිදු වායු ධාරා ලංකාවට කඩා වදී..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.  මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ඒ පිළිබද දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

මෙහිදී වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර ඇමෙරිකානු තත්ව වායු තත්ව දර්ශකයට අනූව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 – 150 අතර අගයක් දක්වා ඉහලගොස් ඇති අතර එම ප්‍රමාණය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකි තත්වයක් වේ.

කොරෝනා වෛරසය පැතීරීමේ අවදානම් තත්වයත් සමග මේ දිනවල රථ වාහන ගමනාගමනය අඩු මට්ට්මක පවතින හෙයින් නාගරික ප්‍රදේශ වල වායු දූෂණ මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කර තිබියදී මෙසේ එකවරම ශ්‍රී ලංකාව තුල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහල යෑමට හේතුසාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදුවී ඇති වෙනස් වීම යි. එබැවින් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වීම මගින් සිදුවන බලපෑමක් බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්තයන්ට අනුව පෙන්නුම් කරයි.

මෙම තත්වය ඉදිරි දින කීපයක් තුළ පවතී යයි අපේක්ෂා කළ හැකි අතර කුඩා ළමුන්, වැඩිහිටි අය, ගර්භනී මාතාවන් හා ශ්වසන රෝග වලින් පෙලෙන අය වැනි සංවේදී පුද්ගල කණ්ඩායම්වලට යම් බල පෑමක් ඇති කරනු ඇත. පවතින වායු ගෝලීය තත්වය නිසා මෙම කණ්ඩයට හුස්ම ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති කිරීමට හැකියාව පවතී.

සෞඛ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා නිතර මුඛ ආවරණ පැළඳීම, ව්‍යායම, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයනන් හි නිරත වීම අවම කිරීම යෝග්‍ය වේ. තවද යම් ශ්වසන අපහසුතාවයන් ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිමට කටයුතු කළ යුතුය.

වෙනදාමෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම, තරමක් අඳුරු අහස්කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්වයන් පැවතීම නිරීක්ෂණය කළ හැක.

මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසත් පවතින් කොවිඩ් 19 ව්‍යයන තත්වය හමුවේ යම් ශාරීරික අපහසුතාවයත් පවතී නම් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

– ජනක හදුන්පතිරාජ

46,827 views

8 Comments to “ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යයි.. ඉන්දීය අපිරිසිදු වායු ධාරා ලංකාවට කඩා වදී..”

  1. බන්ඩා says:

    ඉන්දියාවෙ වායු දූෂණය ඉතා ඉහලය්. වැඩිකල් නොගිහින් ඔක්සිජන් බෝතල පිටේ එල්ලගන යන මට්ටමට ඉන්දියාව පත් වේවි. මෑතක සිට ඉතාම නරක තත්වයක සිටි චීනය එවැනි තත්වයෙන් මිදී ඇති බවය් පෙනෙන්නෙ

  2. Aurora says:

    තමන්ගේ ගෙදරට වෙලා ඉන්න බැරි රස්තියාදු කාරයන්ට ඉන්දියන් ධුලි වලවත් සමඟ එන කොරෝන වෛරසයත් ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා ගෙවල්වල රැඳී ඉන්න එක තමන්ගේ සහ තම පවුලේ අයගේ ශරීර සනීපය වෙනුවෙන් හොඳයි.

    • රට වෙනුවෙන් says:

      ඉන්දියන් ධුලි ගෙවල්වලට එන්නේ නෑලු.
      සෝක් අනේ ඔයා නං

  3. Ratavesiya says:

    India has been a source of environmental, economic and political pollution/ treat to Sri Lanka from the very inception!

  4. Ravana parapura says:

    අපේ රටට තිබෙන එකම අපලය ඉන්දියාවයි.

  5. kk says:

    kore pitata mare!

  6. විමර්ශන says:

    අලි මදිවට හරක්

  7. දුටුගැමුණු says:

    ඉන්දියාව කියන්නෙ ලෝකයේ තියෙන කාලකන්නිම රටවල් වලින් එකක් . යකෝ ඔය ඉන්දියාවේ බුදුහාමුදරුවෝ තියා ජේතවනාරාමයේ හිටපු බල්ලා වත් ඉපදිච්ච නැති රටක් !

Main News