ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි..

August 30, 2020 at 3:22 am | lanka C news
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි..

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

නමුත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක් එක් අය විවිධ අදහස් පැවසුවද තමන්ගේ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

35,931 views

22 Comments to “ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි..”

  1. Savi says:

    Wht??? 😯😂😂😂

  2. Love nature says:

    දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ

    රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත .

  3. Janaka from Matara says:

    ..මහැදුරු රාජ් සෝමදේවයන්නෙන් ඇහුවොත් කියයි මේ හෙල දිවයින අවුරුදු 7000-10000 විතර (හෝ ඊටත් වඩා) පරණ සබ්‍යත්වයක් තියන බව​. ඉතිං ඒකෙ අගමුල දෙමල කියලා මේ බුවා මොර දෙන්න ගත්තොත් ඒකටත් උත්තර සෝමදේවයෝ දේවි. මේ පැත්තක ඉඳං පත්තර බලන මට පේන විදියට නං දෙමල බාසාවේ උපත සිංහල බාසාව නං නෙමෙයි. හැබයි දෙමල සිංහල දෙකේම උපත එක තැනකයි. ඉංදියානු අනු-මහද්වීපයේ දකුනු කෙලවරයි. ඔය කියන අවුරුදු 5000 දි උනේ ඒ දෙක දෙපැත්තකට යෑමයි.

  4. Love nature says:

    යාපනය ප්‍රදේශයේ තිබිල ක්‍රි.පූ. තුන්වන සියවසට පෙර පුරාවිද්‍යා සාධක හමුවී තිබෙනවා. එලෙස හමුවී තිබෙන පුරාවිද්‍යා සාධක අතර බ්‍රාහ්මී අක්‍ෂර සහිත වළං කැබලි, පාත්‍ර කැබලි හමුවී තිබෙනවා. එම අක්‍ෂරවලින් කියවෙන භාෂාව ප්‍රකෘත සිංහල භාෂාව බව සියයට සියයක්‌ම පුරාවිද්‍යාඥයන් විසින් ඔප්පු කර තිබෙනවා. එම බ්‍රාහ්මී ලිපිවල එන අක්‍ෂර සහ භාෂාව යන දෙකම මේ රටේ දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම යන සියලුම ප්‍රදේශවලින් හමුවී තිබෙනවා. ඒ වගේම එම භාෂාවෙන් ලියපු ලෙන් ලිපි ආදීයත් අපට ඕනෑ තරම් හමුවී තිබෙනවා. එහෙම නම් ක්‍රි.පූ. තුන්වන සියවස වන විට ලංකාවේ සෑම ප්‍රදේශයකම ප්‍රාකෘත සිංහල භාෂාව පැතිරී තිබුණ බවත්, බුදුදහම ව්‍යාප්තව පැවැති බවත් තහවුරු වනවා. ඒ බව ගලේ කෙටූ අකුරුවලින් ඔප්පු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව ක්‍රි.පූ. 3 වන සියවස වන විටත් මුළු දිවයින පුරාම බ්‍රාහ්මී අක්‍ෂර මාලාව සහ ප්‍රාකෘත සිංහලය පැතිරී තිබුණු බව කිසිම විධියකින් බොරු කරන්න බැරි සාධකයක්‌ බවට පත්වී තිබෙනවා.

    යාපනය ඇතුළු උතුර සහ නැගෙනහිර පුරාවස්‌තු දහස්‌ ගණනක්‌ පැතිරී තිබෙනවා. එම පුරාවස්‌තු අතර එකම පුරාවස්‌තුවක්‌වත් නෑ, බුදුදහමින් තොරව. එම ප්‍රදේශයේ සෑම තැනකම බුදුදහම සහ සම්බන්ධ පැරණි වෙහෙර විහාර සහ සෙල්ලිපි දකින්න ලැබෙනවා.

    මම අහනවා විග්නේශ්වරන් මහතාගෙන් ක්‍රි.ව. 10 වන සියවසට පෙර එම ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත්වූ බව ඔප්පු කිරීම සඳහා ඇල්පෙනෙත්තක තරම් සාධකයක්‌ ඉදිරිපත් කිරීමට පුළුවන් ද කියලා. යාපනයේ කන්දරොඩේ ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශවල කැණීම් කළා. නමුත් එම කැණීම්වලින් එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ජීවත් වූ බවට කිසිදු සාධකයක්‌ ලැබිලා නෑ.

    අනෙක්‌ අතට දෙමළ ජනතාව ඉන්දියාවට සංක්‍රමණය වූයෙන් වෙනත් ප්‍රදේශයකින් කියලා, ඉන්දියානු ඉතිහාසඥයන් ප්‍රකාශ කරනවා.

  5. ෆොන්සේකා කිව්ව වගේ උඹට ඒකට වෙලාව මදි.(හොඳ වෙලාවට)

  6. ප්‍රභාකරන් වෙන්නැති ඕව දෙන්න ඇත්තේ. මේක දන්න ඉතිහාසය ක් තියෙනවාද .

  7. chandana says:

    නාකියාගෙ පු….

  8. JH urumaya says:

    බල්ලෙක් වෙන්න එපා මිනිහෝ

Main News