ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..

September 4, 2020 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ලෝකයම මවිතයට පත් කර ඇතැයි ඒ කොළඹ සිටින නෝර්වේ තානාපති සඳහන් කර තිබේ.

නොර්වේ තානාපති ටිනි යොරැන්ලි මහත්මිය මේ බව සඳහන් කර තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ක්‍රමවේදය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධ්‍යයනය කරමින් සිටින බවද ඇය සඳහන් කර ඇත.

ලොව අනෙක් රටවලටද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන අත්දැකීම් හා පළපුරුද්ද භාවිතයට ගැනීම ඉතා වැදගත් බව ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කර ගෙන ඇතැයි ද ඇය පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් නොර්වේ රාජ්‍යය පූර්ණ සහය ලබා දීමට සූදානමින් සිටින බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

44,189 views

24 Comments to “ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..”

  1. Love nature says:

    බුදු දහම ප්‍රඥාවන්තයාට මිස මෝඩයන්ට නොවේ. (අයං ධම්මො පඤ්ඤාවන්තස්ස නායං ධම්මො දුප්පඤ්ඤස්ස) යනු බුද්ධ භාෂිතයකි.

  2. Love nature says:

    ඈත අතීතයේ සිට ම දහම් දිවයින, ආසියාවේ ආලෝකය වැනි විරුදාවලි ශ්‍රී ලංකාව හා බැඳී තිබුණේ බුදු දහම හා අත්වැල් බැඳගත් ශිෂ්ට සමාජයක් මෙරටට තිබූ හෙයිනි. කුඩා සොරකමක්, මුසාවක් කීම හැරුණු කළ, අතීත ලාංකිකයෝ සදාචාර ගුණ ධර්ම පණ මෙන් ආරක්ෂා කළහ. සියලු සාරධර්ම පසෙකට තල්ලු වී, යුරෝපීය සංස්කෘතියේ අශ්ශීල පැත්තත් සමඟ මෙරටට සංක්‍රමණය වූ විවිධ අපරාධ, සමාජ පිළිකාවක් බවට පත් විය.

    හදිසි කෝපය, පටු එදිරිවාදිකම්, දුරදිග නො බලා කටයුතු කිරීම ආදිය මත ඇති වූ අපරාධ රැසක් තරංග මාලාවක් සේ, මෙරට පැතිර යන්නට විය. අතීතයේ නව යෞවනියකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තනිව යාමටත්, තනිව යැවීමටත් තරම් අපේ සමාජය සුරක්ෂිත විය. නමුත් අදටත් එය එසේම දැයි ගැටළුවකි.

Main News