ශ්‍රී ලංකාව තුල අපස්මාර රෝගීන් 150,000කට වැඩි පිරිසක්..

February 10, 2017 at 2:03 am | lanka C news
ශ්‍රී ලංකාව තුල අපස්මාර රෝගීන් 150,000කට වැඩි පිරිසක්..

ලෝක අපස්මාර දිනය පෙබරවාරි 02 දිනට යෙදී ඇත. සෑම වසරකම පෙබරවාරි මස 02 සදූදා දින ලෝක අපස්මාර දිනය අන්තර්ජාතිකව සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව තුල මෙම දිනය සහභාගිවන අයගේ පහසුව සදහා 2017.02.12 ඉරුදින කොළඹ 08, කැම්බල් උද්‍යානයේදී උදැසන 9.00 ට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා අපස්මාර සංගමය කටයුතු යොදා ඇත. මෙම උළෙලට සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ සේවා හා සවිබල ගැන්වීමෙි අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ආයුර්වෙිද දෙපාර්තමෙින්තුව මෙන්ම ස්ෙවිචිඡා සංවිධාන කිහිපයක්ම එක්වීමට නියමිතය.

ස්නායු ආශ්‍රිත රෝගාබාධ නිසා අකර්මණ්‍යතාවයට හා දිගුකාලීන රෝගීන් බවට පත්වනඅයගෙන් බහුතරයක්ම අපස්මාරය රෝගය නිසා සිදූවන අතර, මෙලෙස අපස්මාරය වැළදූන රෝගීන් 150,000 ක් කට වැඩි පිරිසක් ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ ගැටලු මධ්‍යයේ ජීවත් වෙි. අපස්මාරය වැළදූන දරුවන් හා වැඩිහිටියන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය මුහුණපාන විවිධ සමාජීය ගැටලු වලට අමතරව මෙම රෝග තත්ත්වය හේතුවෙන් රටට අහිමිවන වටිනා මිනිස් පැය ගණන ද, ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු සදහා වැයවන මුදල ද අතිවිශාල වෙි. දිගුකාලීන ප්‍රතිකාර අවශ්‍ය වීම, විරැකියාව, සමාජයෙන් ලැබෙන අඩුපිළිගැනීම හා අන්‍යයන් මත යැපීමට සිදූවීම නිසා ඇතිවන මානසික අවපීඩනය මෙන්ම අනතුරු සිදූවීමෙි හැකියාව ඉහළ මට්ටමක පැවැතීම මෙම ගැටලුව තවත් ත්‍රීවු කරයි. වඩාත්ම තීරණාත්මක කරුණ වන්නේ අපස්මාරය වැළදූන රෝගීන්ගෙන් සියයට 80 ක් පමණ නිසි ප්‍රතිකාර මගින් ඉතාමත් හොදින් පාලනය කළ හැකිවීමයි.

ශ්‍රී ලංකා අපස්මාර සංගමය 1989 වසරේ පිහිට වූ එම රෝගීන්ගේ සහ එම පවුල්වල සුබසාධනය සදහා කැපවුනු ලාභ නොලබන ආයතනයකි. අපස්මාර රෝග පාලනයට සම්බන්ධ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරින්, රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම ස්ෙවිචිඡා සේවකයින්ගෙන් ද මෙම සංගමය සකස් වී ඇත.

අපස්මාරය පිළිබදව රෝගීන් හා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීම, අපස්මාරය රෝගීන් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවා නිලධාරීන් වෙත අවශ්‍ය තොරතුරු ලබාදීම මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාජ සේවා සහ සවිබලගැන්වීමෙි අමාත්‍යාංශය සමග එක්ව අපස්මාරය රෝගය ශ්‍රී ලංකාව තුළ ජයගැනීම සදහා කටයුතු කිරිම මෙම සංගමයේ මූලික අරමුණ අතර වෙි.

සෞඛ්‍ය දර්ශක වල ඉහළම අගයන් පෙන්වන ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාවෙි නිදහස් සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සමාජ සේවා සවිබලගැන්වීමෙි අමාත්‍යාංශය මෙි වනවිටත් අපස්මාරය රෝගීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. කෙසේ වෙතත් අපස්මාරය රෝගීන්ගේ වඩාත් හොද රෝග පාලනයක් සහ වඩාත් ඉහළ සමාජීය හදූනා ගැනීමක් කරායාමෙි දී පහත ගැටලුකාරී තත්ත්වයන් ජය ගැනීමට සිදූවෙි. මෙි සදහා ජනමාධ්‍ය වලට කළ හැකි කාර්යයන් අතිමහත් ය. ඒ අනුව අපස්මාරය රෝගීන් හදූනා ගැනීම, නිසි ප්‍රතිකාර සදහා යොමු කිරිම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සදහා මැදිහත්වීම, අපස්මාර රෝගය යනු සුව කළ නොහැකි රෝගයක්, දේවශාපයක් හෝ සමාජයට මුහුණදීමට නොහැකි රෝගයක් ලෙස තවමත් සමහරු අතර ඇති දූර්මතය ඉවත් කිරිමට දායකවීම හා විද්‍යාත්මක තොරතුරු මගින් ජනතාව දැනුවත් කිරීම, අපස්මාරය සහිත දරුවන් හා වැඩිහිටියන්ගේ අනාගතය සවිබල ගැන්වීම සදහා සමාජ ආරක්ෂණ ක්‍රමවෙිදයක් සකස් කිරීම සදහා සමාජ සේවා හා සවිබලගැන්වීමෙි අමාත්‍යාංශය හා සමාජ ආරක්ෂණ කාර්යාංශයේ කාර්යභාරය දිරිගැන්වීම හා ඒ සදහා අවශ්‍ය මුලික පරිසරය සැකසිම සිදූ කළහැක.

ඉහත අරමුණු කරා යාමෙි දී අවශ්‍ය සහාය සහ මගපෙන්වීම ලබාදීම සදහා ශ්‍රී ලංකා අපස්මාර සංගමය නිරන්තරයෙන්ම කැප වී සිටින අතර, ශ්‍රී ලංකා අපස්මාර සංගමයේ වෙබි අඩවිය වන www.easrilanka.org වෙත පිවිස හෝ 0777590990 දූරකථන අංකය ඔස්සේ අපස්මාර රෝගයට අදාල තොරතුරු ලබා ගත හැක.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

60 views

One Comment to “ශ්‍රී ලංකාව තුල අපස්මාර රෝගීන් 150,000කට වැඩි පිරිසක්..”

  1. Desapremiya says:

    රටේ වෙන දේවල් දැක්කම අපස්මාරේ නැති උන්ටත් නිකම්ම අපස්මාරේ හැදෙන එක අහන්න දෙයක්ද?

Main News