ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිල සහතිකය බාර දෙයි..
December 1, 2016 at 2:08 am | lanka C news
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන සහතිකය නිල වශයෙන් බාරදිම ඊයේ (30) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විනි.
එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනං චෙට්ට්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා එම සහතිකය පිරිනමන ලදි.
මැලේරියාව තුරන් කිරිම සදහා දායක වූ වෛද්‍යරුන් ඇගයීමට ලක් කරමින් සමරු තිළිණයක් ද පිරිනැමීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්ක්ෂය ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, මැලේරියා ව්‍යාපාරයේ අධ්යක්ෂ එචි.එමි හේරත් මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සරත් අමුණුගම මහතා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිත ජෙකොබි කුමරේෂන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
– නිපුන් ඒකනායක
MUU KALA WAGE HARIYATA. OKA DEN SEHENA KAALEKA IDAN THURAN WELA THAMAI TIBUNE