ශ්‍රී ලංකාව යනු සිංහලයින්ගේ ඓතිහාසික රට යයි විග්නේශ්වරම් පිලිගනී..

December 12, 2017 at 3:27 am | lanka C news
ශ්‍රී ලංකාව යනු සිංහලයින්ගේ ඓතිහාසික රට යයි විග්නේශ්වරම් පිලිගනී..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකාව ඓතිහාසික දෙමළ රටක් බවත් දේවානම්පියතිස්ස රජු පවා දෙමළ බවත් අතීතයේ මේ රට හැඳින්වූයේ ඊලාම් නමින් බවත් පසුගිය සතියේ උතුරුපලාත් මහ ඇමති සී වී විග්නේශ්වරම් මහතා පවසා තිබෙනවා.

තමිල්නාඩු ජනතාව දෙමළින් මේ රට හැඳින්වූයේ ඊලම ලෙස බව නම් ඇත්තයි. නමුත් ඒකේ තේරුම එතුමා දන්නවාද? ඊලම කියන වචනයේ තේරුම මැඩ්රාස් විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ටැමිල් ලෙක්සිකන්ස් නමින් හඳුන්වන දෙමළ විශ්ව කෝෂයේ තිබෙනවා. මොකද්ද තේරුම? සිංහලේ සීලම් වෙලා ඊළාම් වුණා.

ඒ නිසා එහි තේරුම සිංහලයින්ගේ රට යන්නයි.

උගතෙකු ලෙස සම්මත විග්නේශ්වරන් මහ ඇමතිතුමා දෙමළ විශ්ව කෝෂය කියවා නැතත් රස්තියාදු කාරයෙක් යැයි සම්මත වේලුපිල්ලේ පිරබාහරන්ට ඒ ගැන අවබෝධයක් තිබුණා.

ඒ නිසා තමයි තමන්ගේ අරගලය ඊලම වෙනුවෙන් කියනවා වෙනුවට දෙමළ ඊලම වෙනුවෙන් යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ. ඊලම කියන්නේ සමස්ත ශ්‍රී ලංකාව.

දෙමළ ඊලම කියන්නේ එයින් දෙමළ කොටස ලෙස ඔවුන් හඳුන්වා ගත් උතුරු සහ නැගෙනහිර පළාත්. අතීතයේ නම් නඩුකාරවරු පුරුදු වෙලා හිටියේ වැඩිපුර සවන්දීලා සියළු නඩු වාර්තා කියවලා ඊට පස්සේ කතාකරන්න, තීන්දු දෙන්න.

නමුත් අපේ විග්නේශ්වරම් මහ ඇමතිතුමන්ට නඩුකාර කමේ සම්ප්‍රදායන් අමතක වීම නිසාදෝ කට වරද්ද ගෙන තියෙනවා.

කොහොම කොහොම කොහොම නමුත් ඊලම ගැන කතා කරන්න ගිහින් අවසානයේ දී ශ්‍රී ලංකාව කියන්නේ සිංහලයින්ගේ ඓතිහාසික රට කියලා පිලිගත් එකට විග්නේශ්වරම් මහ ඇමතිතුමනි, ඔබට බොහොම පින්.

– අරවින්ද අතුකෝරල

205 views

10 Comments to “ශ්‍රී ලංකාව යනු සිංහලයින්ගේ ඓතිහාසික රට යයි විග්නේශ්වරම් පිලිගනී..”

  1. ආනමඩුවෙි නන්ද හිමි says:

    උදය ⁣ගමිමන්පිල මහත්තයෝ ඔබත් මහින්ද රාජපක්ෂ විනාශයට පත්කළ කෙනෙක්.ගල්ලෙන බින්දා කියල ඔබනේද ඉස්සෙල්ලම මහින්දට විරැද්ධව කටයුතු කළේ.පසුව180% ආපස්සට හැරැන.ඔබගේ පැවැත්ම තියෙන්නෙ මහින්ද පස්සෙ යනකමි පමණයි.ඔස්ට්‍රේලියන් කාරයටත් ගේමි දෙන්න පුළුවන් උනේ ඒකයි.මෙි මැතිවරණයෙන් ඔබලා එකතුවෙලා මහින්දගෙ හුලං බස්සනව සිකුරුයි.මහින්ද රාජපක්ෂ විනාශ නොකර ඒ මනුස්සයට නිදහසේ ගෞරවනීය පුරවැසියේ විදියට ඉන්න දෙන්න.

    • ara says:

      ane hamuduruwane sasene kanne obawahanse wage aya pewidi unanan darmayae hesirenawa misak wena weda nawattanawanan hondaii deshpalane karai gihiyo

    • AluthKade Saita says:

      Mr. Nanda,ඔයාට තවම ගෙවන්නචෙ1500/ද?

    • ex UNPer says:

      අන්නමඩුවෙ හරකෝ , හිතුවද හාමුදුරු කෙනෙක්ගේ නමක් දැම්මට හැංගෙන්න ? හිරි කොටේ නපුංසක්කයන් ගෙ අහවල් එක කාල නිදා ගණින්.

    • si-ra-nil company says:

      ආණමඩුවේ නන්ද මහතාණනි,ඔබ දැන් ඉන්නේ නිරුවතිනි.එය ඔබට දැනෙන විට ,හැඟෙන විට තුනෙන් දෙකක් අහිමි වී තිබෙන්නට පුළුවන​.

    • Sam says:

      Athi Poojya ආනමඩුවෙි නන්ද හිමි Mamath Obawanse Samaga Ekangaai..

  2. Jeewantha says:

    Mr.Anamaduwe Nanda, Don’t insult “Buddhist robe ” by writing under monk name.I don’t believe you a monk & surely you are a hired back bone less man paid by Mangala Samaraweera. Mr.Gammanpila is an asset to this nation & think tank of the country .You guys never understand “patriotism ” instead you sling mud all over.

  3. නිදහස් says:

    ගම්මප්පිල කියන්නෙ සිවුර ඇරල ඇවිත් බෞද්ධ කමට අපහාස කරපු අයෙක්. මෙයාට අයිතියක් නෑ බෞද්ධ කම ගැනවත් සිංහල ජාතිය ගැනවත් කථාකරන්න. සුදට ඇන්දට මෙයා තමයි මහින්ද විනාශ කරපු හොර NGO කාරයා.

  4. Saradiel says:

    ශ්‍රී ලංකාව මිත්‍යාවකි ,මගේ රට “සිංහලේ රාජ්‍යයි”

  5. lion says:

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජය ගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

Main News