ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි.. සියළු ජාතීන්ගේ රටක්..
June 26, 2017 at 10:40 am | lanka C news
ඇතැම් දේශපාලනඥයින් සයිටම් ආයතනයට විරුද්ධ වුවත් ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් ආයතන වලින් බව සෞඛ්‍ය ඇමැති පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ෙමි බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ සිංහල ජාතිය විනාශ කිරිමට රජය කටයුතු කරන බවට චෝදනා එල්ල කරන බවට බුලත්සිංහල ප්‍රදේශයේ දී මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.
“ජාතියක් අල්ලාගෙන කාටවත් ගරහන්න එපා. විල්පත්තු ප්‍රශ්ණය ලොකු ගැටුමක් බවට පත් කළේ මුස්ලිම් ජාතික අමාත්‍යවරයෙක් ඊට සම්බන්ධ නිසයි. සිංහල අමාත්‍යවරු සිදු කරන වැරදි වැඩ ගැන කථා කරන්නත් ඔිනි. ඒ ගැන කථා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් විතරක් නොවෙයි. සියළුම ජාතීන් එකට ජීවත්වන රටක්. ජාතීන් ගැන, ආගම් ගැන ෙබිදභින්න සිදු කරන්නේ දේශපාලනඥයින් විසින්. එහෙම කියන අයගේ පවුල්වල විස්තර බලන්න. නායකයා සයිටම් ආයතනයට විරුද්ධව කථා කරනවා. නමුත් පුතා ඉගෙනගෙන තිඛෙන්නේ මාළඹෙි තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන්. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැදවුම්කරුගේ සහෝදරියත් ඉගෙනගෙන තිඛෙන්නේ එම විශ්ව විද්‍යාලයෙන්මයි. නමුත් ඔවුන් සයිටම් ආයතනයට විරුද්ධව පෙළපාලි යනවා. එහෙම රටක තමයි අපි ජීවත් වන්නේ. අනගාරික ධර්මපාල තුමන් බි්රතාන්ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළා. බෞද්ධයන් තුල මතයක් ඇති කළා. දැන් සිටිනවා වගේ බොරු සිංහයන් ඒ කාලේ සිටියේ නැහැ. හොද සිංහල, බෞද්ධ නායකයෝ තමයි සිටියේ. බෞද්ධාගම ආරක්ෂා කර ගන්න දෙමළ දේශපාලන නායකයනුත් කැප වුනා. ජාතිය, ආගම අල්ලාගෙන මත පතුරවන්නේ නැතිව, එකම ජාතියක් ලෙස ජීවත්වීම තමයි වැදගත්.”
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය