ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළු….

February 26, 2021 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළු….

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)” ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවකි. මෙම යෝජනාව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සදහා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

ඒ අනුව මෙම සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබදවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින. කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබාදෙන සහාය පිළිබදව සිය විශේෂ ස්තූතිය ඉන්දීය මහ කොමසාරිස්වරයාට පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම වැඩසටහන හේතුවනු ඇති බවයි.

– ප්‍රදීප් අනුර කුමාර

14,710 views

4 Comments to “ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළු….”

  1. ගමේ මිනිහා says:

    ඉන්දියාව ඉතින් මොනවා කලත් ලංකාවට අවාසි උන්ට වාසි විදියට කරගෙන ඇති… අපිට ඉතිරි වෙන්නේ කොවිඩ් තවතවත් බෝ කරගෙන, උංගේ බේත වැඩි වැඩියෙන් ආනයනය කරගෙන, අතින්කාලා හරක් බලන වැඩ තමයි.

    • අලේ says:

      සංචාරක ඇමති මොකට මේ ඉන්දියන් හිඟන හැත්ත මෙහ දක්කනවද? ලෝබ කුනු හැත්ත අයන් එකෙන් රොටි රත් කරල කාලා සිනමන් ග්‍රෑන්ඩ් එකේ අයන් ලොට් එකම රිප්ලේස් කරන්න උනා. පාටියක් ආවොත් අපට ගූ කෝඩෙ තමා. මලාට ටිප් එකක් නෑ. එක්ක ගිය තැනක රැයක් සිටියත් ලොජින් බටා එක ගෙවන්න බෑ කියලා වලි දාන හිඟන හැත්ත. සංචාරක ඇමති මේව දන්නෙ නැද්ද?

  2. දුටුගැමුණු says:

    ඕක සංචාරක බුබුල ද ? රෝ බුබුල ද ?

    • රතු එලිය says:

      රෝ බුබුලු… එන එවුන්ට කෙල ගහනවා දකින තැන

Main News