ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සමෘද්ධි ආධාර..
March 11, 2017 at 8:02 am | lanka C news
මාර්තු 13 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවැත්වෙන තෙවැනි ශ්‍රව්‍යාබාධිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගුවන් ප්‍රවේශපත් සඳහා රුපියල් ලක්ෂ 04 ක මුදල් ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
අඩු ආදයම්ලාභී පවුල්වල බහුතර ක්රීඩකයින්ගන් සැදුම්ලත් මෙම දෘෂ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලෙන් මෙම මුදල් ලබා දුන් අතර ඒ සඳහා වූ චෙක්පත සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී මහත්මිය වෙත භාර දුන්නේය.
– සංජය දසනායක
Good work