ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ජනතා අයිතියට පත් කෙරේ.

February 1, 2017 at 2:11 am | lanka C news
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ජනතා අයිතියට පත් කෙරේ.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ඊයේ (31) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිනි.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) නව ගොඩනැගිල්ල සදහා වියදම් වූ මුදල රුපියල් මිලියන 800 ක් පමණ වෙි. මෙහි නවීන උපකරණ සහ පහසුකම් සදහා රුපියල් මිලියන 1000 ක් පමණ වැය කොට ඇති අතර, මෙම ගොඩනැගිල්ල මහල් 10 කින් සමන්විත වෙි. දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවකට මෙම රෝහලෙන් ප්‍රතිකාර කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) තුල බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුඛ හණුක හා චක්ක්‍ර ශල්‍ය වෛද්‍ය අංශ 04 ක්, දන්ත සංරක්ෂණ අංශ 02 ක්, විකලාංග දන්ත සායනය, මුඛ රෝග නිවාරණ ඒකකය, ඇඳන් 32 ක් සහිත ගැහැණු හා පිරිමි වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාර 03 ක් සහිත ශල්‍යාගාර සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය (ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කොට ඇත), මුඛ ව්‍යාධි අංශය, ශ්‍රී ලංකාවෙි එකම එක්ස් කිරණ ඡායාරූප පහසුකම් සහිත Cone Beam CT යන්ත්‍රය සහිත පරිඝණක ගත කළ දන්ත එක්ස් කිරණ අංශය, පරිඝණක ගත කළ රෝගීන් ලියාපදිංචි කිරිම, දන්ත විකලාංග ප්‍රතිකාර සහ සංකීර්ණ දන්ත සංරක්ෂණ ප්‍රතිකාර සදහා පහසුකම් සළසන දන්ත රසායනාගාර 02 ක් යන අංශ සහ පහසුම් වලින් යුක්තය.

එමෙන්ම මෙම රෝහලේ මුඛ හණුක හා චක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍යවරියන්, දන්ත විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥවරියක්, මුඛ ව්‍යාදිෙවිදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද, දන්ත කාර්මික ශිල්පීන්, හෙදියන්, ඖෂධෙවිදීන්, විකිරණ ශිල්පීන් ඇතුලු සෙසු කාර්ය මණ්ඩල 240 කින් ද සමන්විතය.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) මහල් 10 ක් සහිත දෙවන අදියරට මුල්ගල තැබීම ද මෙහිදී සිදුවිය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

87 views

One Comment to “ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ජනතා අයිතියට පත් කෙරේ.”

  1. "" ටයි-සන්"" says:

    පලමුව කියනු ඇයි එහෙමනම්….
    ඔබේ ජීවිතයත් මරණයත් රෝගයට බෙහෙත් දාගන්න ඔබ සිංගප්පූරු ගියේ පෞද්ගලික ඉස්පිරිතාලෙකට … කොතලාවල ආරක්‌ෂක පීඨයේ ආරම්භ කළ වෛද්‍ය පීඨයට නොගොස් !
    එයත් මුදලට අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික වෛද්‍ය පීඨයක්‌.!
    අනික ඔබේ භාර්‍යාවනේ ලංකාවේ මුලු ඉස්පිරිතාල ඔක්කොගෙම ලොක්කි !!
    මොනවද කරගන්න බැරි..
    දැන් ගැහැනු-පිරිමිත් ….පිරිමි-ගැහැනු කරන වෛද්‍ය ශල‍යකර්ම කරන යුග කාලෙක..!!

    තව ටිකකලකින් ඔබ කියාවි මෙන්න මෙහෙම…!

    අපිට රටේ ප්‍රශ්ණ විසඳන්න “”පෞද්ගලික පාර්ලිමේන්තුවකුත් “” ඕනි කියල !!
    ඒකට හොඳම සුදුස්සා දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න මගේ පුතා තමයි නායකය වෙන්න ඕනි කියල !
    ඒකෙ නම “” ටයි-සන්”” කියල !!

Main News