ශ්‍රී ලංකා තේ මණ්ඩලය බුදි.. තනාපතිවරු දඩාවතේ.. අපනයන මණ්ඩලය අනාථයි.. එහෙත් ජනාධිපති ශ්‍රී ලංකා තේ ප්‍රචලිත කිරීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙළක..

December 9, 2017 at 12:20 pm | lanka C news
ශ්‍රී ලංකා තේ මණ්ඩලය බුදි.. තනාපතිවරු දඩාවතේ.. අපනයන මණ්ඩලය අනාථයි.. එහෙත් ජනාධිපති ශ්‍රී ලංකා තේ ප්‍රචලිත කිරීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙළක..

මෙරටේ තේ මණ්ඩල පාලනය වන්නේ පසුගිය ආණ්ඩුවේ වැඩකිරිමට අවශ්‍ය නිසි අමාත්‍ය ධූරයක් ලබා නොදුන් බවට චෝදනා කල වත්මන් ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක යටතේ ය.

ලෝකයේ සියලුම ප්‍රධාන රටවල් සඳහා තානාපති කාර්යාලයට අනුබද්ධිත වාණිජ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරින් අයත් වන්නේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාටයි.

ඊට අමතරව ශ්‍රීලංකාවේ නිෂ්පාදනයන් ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රීලංකා අපනයනයන සංවර්ධන මණ්ඩල ඇත, එය පාලනය කරන්නේ මලික් සමරවික්‍රම මෙන්ම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසිනි.

අවාසනාවකට ශ්‍රීලංකාවේ ප්‍රධාන අපනයනය භෝගය වන ශ්‍රීලංකා තේ සම්බන්ධව කොරියාවේ ජනාධිපතිවරයා හෝ එරටේ වෙළෙඳ ප්‍රජාව නොදනි.

ලංකාවේ ඕනම පොඩි එකෙක් සැම්සුන් ෆෝන් එකේ සිට වායු සමිකරනය දක්වා හොදින් දනි. LG ශීතකරණ සිට KIA හෝ Hyundai මොටර් රථ ගැන දනි. ඒ සියල්ලම පසුගිය වසර 25 ක් තුලදි ශ්‍රීලංකාවේ ජනප්‍රියම සන්නාම ලාංඡන බවට පත් වූයේ කොරියානු නිෂ්පාදනයන් ලෙසයි.

එහෙත් ඉංග්‍රීසි යටත් විජිතයේ සිට පැවත එන වසර 100 කටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති ශ්‍රීලංකා තේ සම්බන්ධ කොරියානුවන් නොදැනීම ශ්‍රී ලංකාව හා කොරියාව අතර වසර 40 ක් පුරා දිවෙන තානාපති සම්බන්ධතාවලටද අගෞරවයකි. දැනටත් ශ්‍රීලංකාවේ අපනයනයෙන් 10% ක් පමණ ඇ.ඩොලර් බිලියනයක් වාර්ෂිකව ලැබෙන්නේ තේ අපනයනයෙනි.

එමෙන්ම රටේ ජනාධිපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලංකාවේ තේ ගැන කොරියාවේ ජනාධිපති ඇතුළු ව්‍යයාපාර ප්‍රජාවට කියාදීමට සිදු වීම රටේ බදු මුදල් ගෙවන ජනතාව අගෞරවයකී. ඒ ඒවා ප්‍රවර්ධනය කිරිම සඳහා ශ්‍රීලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු කරන ආයතනයකන් සහ අමාත්‍යවරු ඇතුළු නිලධාරින් සිටින බැවිනි.

වීඩියෝව මෙතනින්

56 views

8 Comments to “ශ්‍රී ලංකා තේ මණ්ඩලය බුදි.. තනාපතිවරු දඩාවතේ.. අපනයන මණ්ඩලය අනාථයි.. එහෙත් ජනාධිපති ශ්‍රී ලංකා තේ ප්‍රචලිත කිරීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙළක..”

  1. ඇත්ත says:

    ඉංග්‍රීසි පුරැදුවෙලා සුද්දගෙ සපත්තු ලෙවකෑම විතරයි කලු සුද්දන්ට පුරැදු…..කොරියාව දියුණු වුණේ කමන්ගෙ කම උඩට අරගෙන බව දන්නෙ නෑ…

  2. Kadiya says:

    බල්ලාගේ වැඩේ බූරුව කිරීම.

  3. daham says:

    ane ithin meya mic ekak issaraha hitagaththama bana dodonawa misak me avurudu 3kata aasanna kale meya nisi lesa kriyathmaka karawanna monawada kale. eya apitayi kiyanne okkoma. api eyaatayi eyage chakgola raniltayi balaya dunne me adupadu olloma hadala rata nanwannane. mun karanne horakam karana ekayi, hama thanama awul karana ekayi vitharayi. mahinda rata baara dena kota thibunu thanin kochchara pahalata watilada hama athinma?

  4. lion says:

    තානාපති වරු පිටරට යන්නේ තම තම මඩිය තර කර ගන්න දෙමළ ඩයස් පොරාව මේ අය කිට්ටුවෙන් ඉන්නවා

  5. Palitha says:

    That shows the level of their general knowledge. Not a problem of officers and embassies. I can remember the
    time President Bush -junior interviewed by some reporters and he knew nothing about world map.
    Politicians and businessmen are always same.

    Most of the people in Japan even does not know that there is a country called Sri Lanka. Also nothing know
    about a game called Cricket.

  6. Omar says:

    Go and See what these so called uneducated, criminal AMBASSADORS and his/her henchmen in SL embassiesare doing: chasing women, do own businesses and some in Face Books and video games. Ranil in sleep without not knowing ground reality. He is bribing MPs and ruining (not running) your country.

  7. ඔක්කොම බුදි පිටරට says:

    යකෝ මහා බැන්කුව දවාලේ ගිල්ලා. හම්බන්තොට වරාය චීනේට දුන්න. ත්‍රිමලේ ඉන්දියාවට. යාපනේ තමිල් නාඩුවට. තිරුපති බලේ.ජනපත අගමැති. වලේ. අනික් උන් බුදියන්නේ නැතුව මක් කොරන්නද? තේ ගැන කතා කරලා හෙට අනිද්දට කියවී ඔන්න තේ වග කොරන පැත්තම ඉන්දියාවට වික්ක කියල. අපි ඉතින් අතේ වනචා බාලානං කියල බණ අහනවා.

Main News