ශ්‍රී ලංකා දකුණු ඉන්දියා ධීවර ප්‍රශ්න විසදන හැටි කථානායක කරු ඉන්දියාවේදී කියයි..

September 18, 2018 at 2:02 am | lanka C news
ශ්‍රී ලංකා දකුණු ඉන්දියා ධීවර ප්‍රශ්න විසදන හැටි කථානායක කරු ඉන්දියාවේදී කියයි..

වර්තමානයේ දී ශ්‍රී ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර, ගොඩනැගෙමින් පවතින සුහද සම්බන්දතාවය උපයෝගී කර ගනිමින් දෙරට අතර පවතින ඕනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් මනුශ්‍යත්වයෙන් යුතුව විසදා ගත හැකිවනු ඇති බවත්, විශේෂයෙන්ම ධීවර ගැටළු නව තාක්ෂණය භාවිතා කර ,රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කර, පහසුවෙන් විසදා ගැනීමට තව දුරටත් බාධාවක් ‍නොමැති බවත් කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

කථානායකවරයා මේ බව පළ කළේ පසුගියදා (09-16) ශ්‍රී ලංකාවට පැමිණි දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩු අධ්‍යාපන අමාත්‍යවරයා ද වන සෙන්කෝට්ටයන් මහතා ප්‍රධාන ධූත පිරිස සහ කථානායකවරයාගේ සහභාගීත්වයෙන් මහනුවරදී පැවැති එම්.ජී.ආර් සමරු සම්මාන උත්සවයට එක් වෙමිනි.

සියවස් දෙකකට පසු දකුණු ඉන්දීය බලවත් දේශපාලන නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණිම නව සබදතා රැසකට මුල පුරනු ඇති බවත්, ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දීය ජනතාව අතර තිබෙන අතිශයින් සමීප සංස්කෘතික සබදතාවයද ඊට ඉවහල් කර ගනු හැකි වනු ඇති බවත් කරු ජයසූරිය මහතා සදහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් ගණපති, පත්තිනි අම්මා, කාලි අම්මා , දුර්ගා , සරස්වතී වැනි දකුණු ඉන්දීය දෙවිවරුන් ඉතා බැතිබරව අදහන බවත්, දකුණු ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකිකයන් අතර පවතින සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍රවල ඇති සමීප බව වෙනත් කිසිදු දෙරටක ජාතින් අතර නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සමරු උත්සවය සදහා ‍තමිල්නාඩු අධ්‍යාපන අමාත්‍යවරයා සමග චෙන්නායි හිටපු පුරපති සයිදෙයි දොරේසාමි ,M.G.R .විශ්ව විද්‍යාලයේ කුලපති ඒ.සී ශන්මුගම් යන මහත්වරු සහ දක්ෂිණ ඉන්දීය ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපති සෙල්වම් අඩෛක්කාලනාදන් , අධ්‍යාපන රාජ්‍ය ඇමති වී.රාධක්‍රිශ්නන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුකුමාර් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද මේ සදහා එක් වූහ.

‍මෙහිදී කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේ එම්.ජී රාමචන්ද්‍රන්, ශ්‍රී ලංකාවේ උපත ලැබුවෙකු වශයෙන් ඉන්දියානු සිනමාවේත් දේශපාලනයේත් අත්පත් කර ගත් සාර්ථකත්වය පිලිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටට පත් වන බවයි.

කථානායකවරයා මෙසේ ද පැවසීය.

ඔහු දුෂ්කර තැනකින් ජීවිතය ආරම්භ කර අධිෂ්ඨානශීලිව හා ධෛර්ය සම්පන්නව ස්වකීය අරමුණු ජය ගත් ශ්‍රී ලාංකික පුත්‍රයෙක්. ඔහු ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලබා දුන් දායාදයක් බදුයි.

ඔහු දකුණු ඉන්දීය ජනතාවගේ ආදරය පුදුමාකර ලෙස දිනා ගැනීමට සමත් වුනා. මක්කල් තිලකම් යනුවෙන් දකුණු ඉන්දීය ජනතාව එම්.ජී රාමචන්ද්‍රන් මහතා හැදින්වීම තුලම එම ආදරය සහ ගෞරවය පිලිඹිබු වෙනවා. ඔහු අප දන්නා ආකාරයට දේශපාලනඥයෙකු ලෙස සිය අවධානය වඩාත් යොමු කළේ දුගී දුප්පත් ජනතාව නගා සිටූවීම උදෙසායි. එම්.ජී.රාමචන්ද්‍රන් සහ මම අයිති වෙන්නේ නිදහස ලැබීමට පෙර යුගයේ උපන් පුද්ගලයන්ගේ කොටසටයි. එම යුගයේ අප අතර විශාල සමගියක් තිබුණා. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් සටනට ද්‍රවිඩ සිංහල මුස්ලිම් නායකයන් එකා වන්ව දායක වුණා. ඒ කාලයේ අපි දකුණු ඉන්දීය සිනමාවට බෙහෙවින් ප්‍රියතාවයක් දැක්වුවා.

එකල ශ්‍රී ලාංකීය තරුණයන් එම්.ජී.ආර් කට් යනුවෙන් රැවුල කැපීමේ විලාසිතාවක් පවා භාවිතා කළා. එම්.ජී.ආර් රඟ පෑ මදුරේ වීරම්, භක්ති විජයම් වැනි චිත්‍රපට ශ්‍රී ලංකාවේ එකල අතිශයින් ජනප්‍රිය වුණා. සිංහල ක්‍රීඩකයන් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. ද්‍රවිඩ ක්‍රීඩකයන් සිංහල ක්‍රීඩා සමාජයන්ට ක්‍රීඩා කළා. නමුත් නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව තුල ජාතින් අතර, අනවබෝධ අවිශ්වාසය නිසා අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වුනා. සමහර විට එහි ප්‍රතිඵල දකුණු ඉන්දීය දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහිත්, දකුණු ඉන්දිය දේශපානය ශ්‍රී ලංකාවේ අර්බුදය කෙරෙහිත් බලපෑවා. අපි ඒ අමිහිරි යුගය නිමා කර අවසන්. නැවතත් ශ්‍රී ලංකාවේ සමගිය තහවුරු වෙත් දී දකුණු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබූ මිත්‍රශීලි සබඳතාවයට පණ දීමට හැකියි. ඒ සබදතාවය තුලින් දෙපාර්ශවයටම ඉමහත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙන්නට හැකි වනු ඇති බවට ද කරු ජයසූරිය මහතා විශ්වාසය පළ ‍කළේය.

– කතානායක මාධ්‍ය අංශය

61 views

2 Comments to “ශ්‍රී ලංකා දකුණු ඉන්දියා ධීවර ප්‍රශ්න විසදන හැටි කථානායක කරු ඉන්දියාවේදී කියයි..”

  1. john says:

    Ane… go to hell karu…..Distracted man…. You lost your credibility…..You lost everything at your old age….Shame… Shame….You are biased , worst ever speaker we had in history who understand only government language…..You are showing your back side to innocent people of this country……

  2. Ayotallah says:

    Sri Lanka loses about 50 million dollars per day due to infiltration and rape of sea bed by TN fisherman in big mechanized boats in Sri Lankan territorial waters citing the palk bay as their traditional fishing grounds. Sri Lanka should cooperate with Indian Coast Guard to prevent crossing of the IMBL using high tech equipment in order to stops these boats or shoot at sight after proper warning as said by the Hon PM couple of months ago. We cannot agree on the statements by the Sri Lanka’s worst speaker since independence. a government halk with no principles

Main News