ශ්‍රී ලංකා පොලිස් ගීතය වසර 151කට පසුව ප‍්‍රථමවරට දෙමළ බසින් පරිවර්තනය කොට උතුරේදී වාදනය කෙරෙයි..

January 22, 2018 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා පොලිස් ගීතය වසර 151කට පසුව ප‍්‍රථමවරට දෙමළ බසින් පරිවර්තනය කොට උතුරේදී වාදනය කෙරෙයි..

වසර 151 ක ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිසියේ තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්ථනය නිල වශයෙන් (20) වව්නියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට භාරදෙනු ලැබීය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ හදවතට දැනෙන පරිදි කන්දප්පු ජයන්දන් මහතා විසින් දමිළ බසට පරිවර්තනය කරන ලදී.

පොලිස් ගීතයේ දමිළ නිර්මාපක කන්දප්පු ජයන්දන් මහතා එය ඇතුලත් සංයුක්ත තැටියක් 20 දින පෙරවරුවේදි වව්නියාව පොලිස් සංකීර්ණ භූමියේදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙය පිළිගැන් වු අතර එදිනම මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවේදි පළමු වරට වාදනය කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views

6 Comments to “ශ්‍රී ලංකා පොලිස් ගීතය වසර 151කට පසුව ප‍්‍රථමවරට දෙමළ බසින් පරිවර්තනය කොට උතුරේදී වාදනය කෙරෙයි..”

  1. ජනක says:

    ඔය එන්නේ පොලිසිය පළාත් ආණ්ඩුවට බාරදීමේ ෆෙඩරල් සැලසුමේ පලවෙනි පියවර
    පොලිස් බලතල පළාත් ආණ්ඩුවට පැවරීමේ පලවෙනි පියවර .ජයවේවා ලංකාව කඩන්න චන්දය දුන්නු මට්ටෝනි

    • mayadunna says:

      මචෝ ඕක මානසික ලෙඩක් වහාම අංගොඩ යමන්.

      • sky says:

        Go to hell Jadapalanaya
        PUJITHA YOU TRAITOR RESIGN & GO HOME ..
        SHAME ON YOU FOOL

        • Vasana says:

          දැන් ලංකාවේ දෙමළද රජකරන්නේ ? මේ සිංහල මාතෘ භුමිය ..රජයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවල තේමා ගීත කුමකටද දෙමල බසට පරිවර්තනය කරන්නේ ? ලෝකයේ කුමන රටකද සුළුජාතීන්ගේ භාෂාවකට මෙතරම් තැනක් දෙන්නේ ? ශ්‍රී ලංකා පොලිසියේ තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්ථනය නිල වශයෙන් (20) වව්නියාවේදී පොලිස්පතිට එය බාර දුන් විට එය ගන්න තරම් දුර්වල වුයේ කෙසේද ? අපේ රටේ නින්දිතම අවස්ථාවාදී පොලිස්පති මේ දේශද්‍රෝහියායි
          ලැජ්ජයි අපේ රට ජාතිය ඉන්දියාවේ දෙමළුන්ට පාවාදෙන හැටි …දකුණු ඉන්දියාවේ සිංහල අකුරු සහිත T shirt පාරේ ඇදගෙන ගියොත් ගහනවා
          අපේ රටේ දැන් බලයේ සිටින අවස්ථාවාදීන් බලයට වාසියට අපේ රට විකුනනවා පාවා දෙනවා ..පුදුමය සිංහල ජනතාව තාමත් අඩනින්දේ
          Pujitha please resign & go home …

  2. thennakon says:

    අඩ්ඩාඩ්ඩා ආඩ්වනේ යහපාලන දකුණට දෙනවා බැටේ . හු හු ….. කොහොමද අපේ වැඩේ ……හු හු ……… දකුණට ගුටි උතුරට නැති … ඉවසන්ඩ අයීය

    • Saradiel says:

      උතුරේ දෙමෙල්ලු ‘පොල්ලේ පොලිස්’ නමින් දැන් පොලිස් දෙපාර්තමේන්තුව හැදින්වීමට උපහාරයක් වශයෙන්ද මෙය බාරගත්තේ ?

Main News