ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්..- සමීක්‍ෂණයකින් කියයි..

September 16, 2018 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්..- සමීක්‍ෂණයකින් කියයි..

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්

පසුගිය දින කීපයේදී ශ්‍රී ලංකා පොලිසිය පාතාලයට සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබේ.

2018 ජනවාරි මස 24 වනදා අප සංගමය විසින් ෆේස්බුක් සමාජ ජාලය තුලදී මත විමසුමක් සිදුකරන ලදි. එහිදී ජනතාවගෙන් අසනා ප්‍රශ්නය වන්නේ “ශ්‍රී ලංකා පොලිසිය යනු නීතියේ හා රජයෙ අනුමැතිය තිබෙනා මැරවරයන්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ද?” යන්නයි. ඒ සඳහා 2018-04-16 දිනට මත 947 ක් ලැබුණු අතර, ඉන් 88% ක් ප්‍රකාශ කරන්නේ “ඔව්” කියා ය.

පසුගිය වසරේ අප්‍රේල් මස දොඩංගොඩ දී බාල වයස් තරුණයෙකුට පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අමානුෂික ලෙස පහර දුන් අතර, 2018 ජනවාරි මස වන විට ඔවුන්ට නැවත පොලිසියේ රැකියාව ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබුණු අතර අප කල විමසීමක දී එකල රථවාහන පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා අප වෙත ප්‍රකාශ කර සිටියේ කුමණ වරදක් වුවත් ඔවුන්ට රැකියාව කිරීමේ අයිතිවාසිකම තිබෙනා බවය.

සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වූ අදාළ උක්ත ජනතා මතය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව ද 2018.04.16 දින දැනුවත් කර ඇත.

මේ අනුව ගැටලුව විය යුත්තෙ ශ්‍රී ලංකා පොලිසිය පාතාලයට සම්බන්ධ ද නැද්ද යන්න නොව, ශ්‍රී ලංකා පොලිසිය යනු එය ඊටත් එහා ගිය මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ද නැද්ද යන්නයි. දේශපාලකයන් කුමක් කීවත්, ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සමාජය පිළිගෙන හමාරය.

මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවන රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා නියෝජනය කරනා රට වෙනුවෙන් කිසිවක් කර නොමැති ව්‍යවස්ථාදායක සභාව හා එහි සාමාජිකයින් සියලු දෙනා ලැජ්ජා විය යුතුය.

චිරන්ත අමරසිංහ
සභාපති

1,290 views

16 Comments to “ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්..- සමීක්‍ෂණයකින් කියයි..”

  1. Saman says:

    Report to UNHCR. …

    • ජනක says:

      අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නේ මැරවරයන් වෙනුවෙන් කඩේ යන කිසිම කොන්දක් නැති හැරෙන හැරෙන පැත්තට කතා කරන ඒ හැරෙන පැත්ත සල්ලි හෝ බලය හෝ තිබෙන පැත්ත බව වගබලාගන්නා අන්ත තුච්ච පිරිසක් .ඉතාම කලාතුරකින් අවංක නිලධාරින් ඉන්න හැකියාවක් තිබෙනවා නමුත් ඇති බහුතරය ඉතාම වංක නීච පිරිසක් .
      ශ්‍රී ලංකා පොලිසිය මුළුමනින්ම විසුරුවාහරලා නව වැඩපිළිවෙලක් යටතේ අලුතින් උගත් නැණවත් අවංක පිරිසක් බඳවා ගෙන නව පොලිසියක් ඇතිකල යුතුයි .විසේශයෙන් ඉහල නිලධාරින් අනිවාර්යෙන්ම විශ්‍රාම යැවිය යුතුයි

  2. Saradiel says:

    මේ රට නැවත දියුනුවකරාගෙන යන්න නම් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොයි විධියෙන් හෝ සහභාගිවන ආණ්ඩුවක් ලංකාවට වහාම උවමනායි.

    සිරිසේන වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට ආදරයක් කෙසේවෙතත් කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් සිරිසේනගෙන් වෙන්වී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින එක්සත් විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ.

  3. John the baptice says:

    යමපාලනය හමුවේ බිද වැටෙන නීතිය පිළිබද ජනතා විශ්වාසය

    https://kenh789.com/kvideo-.ZnOVh2d9g6lnn4I.html

  4. NARAYANA says:

    This is very true, they killed lot of young people, even Abaya Sani even partly killed arm forses inteligent officers and their families sun widyalankara collect held of money from buisness community instlalling fear, YAMAPALANA Police commission share some money from these bunch

  5. චන්ද්‍ර says:

    ‘ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්’- මෙහි සත්‍යතාවය කෙසේ වෙතත් පසුගියදා කුඩා දරුවන් ඉදිරිපිටත් සංගයා වහන්සේලා ඉදිරිපිටත් පොලිස්පති හැසුරුණු අකාරය හරහා මුළු මහත් පොලිස් සේවයම ඉතාමත් පහත් තත්වකට ඇදදමා ඇති බව ඉතාමත් පැහැදිලිය. මෙයගැන සමස්ත පොලිස් නිලදාරීන්ගේ සහ රජයේ බලධාරීන්ගේද අවධානය යොමු වෙතැයි අපෙක්ෂා කරමු.

    • සිංහල කොන්ග්‍රස් says:

      පූජිත කුජීතය්.

    • නලින්ද says:

      අනිවාර්යෙන්ම පොලිස්පති එදා විශ්වවිද්‍යාල වලින් උගත් තමුන්ට වඩා උගත්කමක් තිබෙන උපාධිධාරී ගුරුවරුන්ට කතා කල විදිය ඉතාමත් තුච්චයි නින්දිතයි.ඒවගේම ඔහුට ලොකු උවමනාවක් තිබුනා අතිගරු සන්ගයාවහසේලාට අපහාස කරන්න ඔවුන්ව සමාජයේ විහිලුවට ලක්කරන පිරිසක් බව පෙන්වන්න .මගේ අදහසනම් ඔහු එසේ සන්ගයාවහන්සේලට අපහාසකලේ ඉහල දේශපාලක ලොක්කන් සතුටු කරන්න බවයි.ඔහුගේ නිතිය හා සාමය ඇමතිවරයා හෝ වෙනයක් බෞද්ද විරෝදී සන්ගයාවහන්සේලාට විරුද්ද කෙනෙක් සතුටු කර එමගින් යම්කිසි වාසියක් ලබාගන්න බවයි .
      ඒ වෙලාවේදී ඔහු සඟයා වහන්සේලා ඒ කතාවට ඇදලා ගත්තේ කිසිම සම්බන්දතාවක් නැතිව එතැනින්ම පෙන්වා ඔහුගේ යටි අරමුණ .
      අද මේ රටේ එජාප සහ ආණ්ඩු ඇමතියන්ට සහ ඉහල දේශපාලකයන්ට උවමනා සන්ගයාවහ්න්සේලාට තිබෙන සිවිල් බලය බිඳ දමන්න ඒ වෙනුවෙන් පොලිස්පති බොහොම ඉහලින් කටයුතු කරන බ්වයි පෙන්නේ

  6. Aurora says:

    Police thugs in sri lanka harass poor people and Australian police harass people not white. USA police harass black.

  7. kamal says:

    This looks true ‘cos during MR regime DIG Anura Senanyaka was fully engaged on illegal act to pacify his seniors. I cannot understand how he has got rid of all the cases by now.

  8. kamal says:

    This looks true ‘cos during MR regime DIG Anura Senanyaka was fully engaged on illegal acts to pacify his seniors. I cannot understand how he has got rid of all the cases by now.

  9. Nadeesha says:

    Yes 100% true. Go and see Piliyanadala Police station. OIC’s main income is illegal garages and workshops protection and monthly taking money from them. They do not implement court decisions. This Police station’s OIC not even worth to be cleaner. They openly hide documents in courts and all the illegal activities and criminal works in and around Piliyanadala are done by this police station directly or indirectly. OIC nock name Garage man.

    • A citizen says:

      Few days ago, the whole NATION witnessed how it’s top ,highest rank officer uphold the Dignity of the Noble Teaching Profession in front of their very students.He also set an example to the people, how the long standing culture in this be preserved in front of the Buddhist priests ,teachers and children.What a country our Sri Lanka would turn out to be in very near future?

    • Hewage says:

      Yes I agree with Nadeesha 500%. I left the Piliyandala Police area selling my house because of the larger number of illegal garages and workshops everywhere. all of them are Police Station’s income sources. Some of these garage owners are helping Police Station to do all illegal activities. They never care about the Magistrate court or their decisions. Yes OIC good to care toilet washing rather police service. All officers have three wheels in this criminal police station.

Main News