ශ්‍රී ලංකා රජය රණවිරුවන්ට තවත් ද්‍රේහිකමක් කරයි.. නිවටකම ඉතිහාසගතවෙයි..

December 13, 2017 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා රජය රණවිරුවන්ට තවත් ද්‍රේහිකමක් කරයි.. නිවටකම ඉතිහාසගතවෙයි..

ශ්‍රී ලංකා යුධ හමුදාව කිසිවිටක යුධ අපරාධ කර නැති බවට පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදි පසුගියදා පාර්ලිමෙන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා විසින් කල වැදගත් ප්‍රකාශයෙන් නිසි ප්‍රයෝජන නොගැනීම ශ්‍රී ලංකා රජය විසින් රණවිරුවන්ට කල තවත් ද්‍රේහිකමක්යැයි නැගෙනහිර පලාතේ හිටපු ආන්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජෙවික්‍රම මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසූවෙ ” දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසධය’ විසින් සංවිධානය කොට තිබූ ප්‍රවෘතී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“නෙස්බි සාමිවරයා කියන්නේ ලංකාවත් සමඟ 40 වසරක පමන සම්බන්ධයක් තිබෙන් ඉතා ගරුකටයුතු පුද්ගලයෙක්. ඔහු බ්‍රිතාන්‍ය සාමි මන්ඩලයේ සාමාජිකයෙක්. නෙස්බි සාමිවරයා ලංකාවට එරෙහිව අන්තර් ජාතිකවසිදුවන කුමන්ත්‍රණ පිලිබඳ මීට පෙරත් හෙලිකොට තිබෙනවා. උදාහරණයක් වශයෙන් වරක් ඔහු සාක්ෂි සහිතව පෙන්වා දුන්නා එංගලන්තයේ චැනල් 4 නාලිකාව ලංකාවේ හමුදාව විසින් දෙම ජනතාව ඝාතනය කරනවායැයි පෙන්වූ වාර්ථා චිත්‍රපටයක රඟ පාන්නේ මුදලට රඟපාන නලුවන් බව.

ඒ වගේම පසුගිය දා නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නා ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා අභූත ඒවා බව. ලංකාවේ හමුදාව කිසි විටෙක යුධ අපරාධ නොකල බව ඔහු වග කීමෙන් කියා සිටියා.

ජිනීවා මානව හිමිකම් කොමිසම් වාර්ථාවේ සඳහන් වන ආකාරයට යුධ සමයේ 40,000 සිවිල් වැසියන් මිය ගියාය යන කතාව සම්පූර්ණ අසත්‍යයක් බව නෙස්බි සාමිවරයා පෙන්වා දුන්නා. යුධ සමයේ ලංකා සිටි ඇමෙරිකානු තානාපතිවරයා පවා කියා ඒ කාලයේ පැහැදිලිවම ප්‍රකාශ කොට තිබෙන්නේ මියගිය සිවිල් වැසියන් ප්‍රමානය 7000-8000 අතර වන බවත් ඉනුත් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් ලෙස පෙනී සිටි කොටි ත්‍රස්ථවාදීන් බවත් ඔහු ඉතා තර්කානුකූලව පෙන්වා දුන්නා.

ලංකාවට එරෙහිව පනවා ඇති සාවධ්‍ය චෝදනා ඉල්ලා අස් කර ගන්නා ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා. මෙය ලංකාවට ලැබුන ඉතා අගනා අවස්ථාවක්.

අපේ හමුදාවන් රැකගන්නට අවශ්‍ය කරණ රජයකට නම් නෙස්බි සාමිවරයාගේ මේ ප්‍රකාශය ඉතා වටිනා අවස්ථාවක්. අපේ හමුදාව යුධ අපරාධ නොකල බව ලෝකයටම හඩගා කියන්නට පිලිගැනීමක් ඇත් ස්වාධීන පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලම කල මේ ප්‍රකාශය උපයෝගී කරගන්නට තිබුනා. නමුත් ලංකාවෙ රජය එම අවස්ථාව සම්පූර්ණයෙනම නොසලකා හැරියා. අඩුම ගානේ නෙස්බි සාමිවරයාට ස්තූති කරන යෝජනාවක්වත් ලංකා පාර්ලිමෙන්තුවේ සම්මත කලේ නැහැ.

මෙයට හේතුව ජිනීවා වලදි අපේ විරෝදාර හමුදාවන්ට එරෙහිව ගෙන ආ අභුත චෝද්නා වලට ශ්‍රී ලංකාවේ වත්මන් රජය කොන්දේස් විරහිතව සම අනුග්‍රහය දී එකඟ වී ඇති නිසායි.

ජිනීවා මානව හිමිකම් කොමිසම තුල තමුන්ගේ රටට එරෙහිව යෝජනාවකට සම අනුග්‍රහය දුන එකම රට විදියට ඉතිහාසයට එක්වන්නට අපට සිදුවුනේ රජයේ මේ නිවට කම නිසායි.

අපට මතකය් ජිනීවා මානව හිමිකම් කොමිසම බ්‍රිතාන්‍ය හමුදාවන්ට යම් චෝදනා ඉදිරිපත් කරන්නට උත්සාහ කල විට වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිනිය ‘තෙරේසා මේ’ ක්‍රියාකල ආකාරය. අවශ්‍යනම් තම හමුදාව රැක ගන්නට රටේ නීති උනත් වෙනස් කරන්නට සුදානම් කියා ඇය කීවා. බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඇඟිලි දික්කකරන්නට ආවොත් තමුන් එක්සත් ජාතීන්ගේ සන්විධානය සමඟ ඇති යම් යම් සම්බන්ධතා අතහරින්නට වුවත් සුදානම් බව ඇය කී නිසා මානව හිමිකම් කොමිසමත් නිහඩ වුනා. අවාසනාවකට වගේ අද අපට එහෙම ධෛර්‍යමත් නායකත්වයක් නැහැ” යනුවෙන් හිටපු ආන්ඩුකාරවරයා ප්‍රකාශ කලේය.

– චාමින්ද කරුණාරත්න

32 views

7 Comments to “ශ්‍රී ලංකා රජය රණවිරුවන්ට තවත් ද්‍රේහිකමක් කරයි.. නිවටකම ඉතිහාසගතවෙයි..”

  1. daham says:

    ayi adu ganane ekaabadhdha vipakshayen sthuthu yojanawak parlimenthuwata genenna bari? e ayath jaathiya wenuwen thama yuthukama pahara harinawada?

  2. sinha le says:

    එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා…..!!!

    එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා
    පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ
    විලංගුලා සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ඥතීහු කතා කරති…
    * මම රට රකින්න පුත්තු දෙන්නෙක්‌ම
    හමුදාවට දුන්නු අම්මා කෙනෙක්‌…

    • ගුරුළු says:

      ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ…ද්‍රෝහී ආණ්ඩුවේ රණවිරු දඩයමට විරුද්ධව පෙරට වරෙව් සිහලුනේ
      සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවට රට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න වත්මන් රෙජීමය සහ දෙමල ජාතිවාදී දේශපාලකයෝ සුදානම් වියයුතුයි අපේ රටේ ත්‍රිවිඩ හමුදාව සටන්කලේ අපේ රට ජාතිය රැක ගැනීමටයි ..LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදීන් වසර 30 තුල කල අපරාධ අමතක කිරීමට තරම් වත්මන් ආණ්ඩුව දුර්වල නිවට වුයේ කෙසේද ? මෙවැනි දේශද්‍රෝහී ආණ්ඩුවක් අපේ රටට අවශ්‍යය නැත ..ජනතාව මේ ආණ්ඩුව නෙරපා දමා රට රැකියා යුතුයි යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනතාව දහස්‌ ගණනකගේ ජීවිත බේරාගත් නාවික මෙහෙයුමට නායකත්වය දුන් කොමදොaරු දසනායක අද සිරගතව සිටින අතර ඔහුගේ බිරිඳ සහ දියණියන් හෙළන කඳුළු ගැන ඔහුට ගණනක්‌ නැත. වසර ගණනාවකට පෙර අත්අඩංගුවේ සිටි ත්‍රස්‌තයෙක්‌ පැන යැමේදී දියේ ගිලී මැරුණු සිද්ධියකට එවකට රාජකාරියේ යෙදී සිටි චින්තක බණ්‌ඩාර ඇතුළු පොලිස්‌ නිලධාරීන් වසර 10 කට සිරගත කොට ඇති අතර ඔවුන්ගේ බිරින්දැවරුන් නඟන අදොනාවල් වත්මන් ආණ්ඩුවේ පාලකයින් ඇතුළු දෙමල ඩයස්පෝරාවට කඩේ යන පිරිසට ඇසෙන්නේ නැත. මිනී මැරීමට, මත්ද්‍රව්‍ය, මංකොල්ලකෑම් යනාදියට වරදකරුවන් වූ සිරකරුවන්ගේ ඝාතනය පිළිබඳව (කුඳුළු හෙළමින්) පරීක්‌ෂණ පැවැත්විය යුතු යෑයි කියන NGO පුද්ගලයන් LTTE ත්‍රස්‌තයෝ අරන්තලාව සාමණේරයන් ඝාතනය කරද්දී, ශ්‍රී දළදා මාලිගයට පහර දෙද්දී, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් සිය ගණනක්‌ මරා දමද්දී, ගෝනගල බඩදරු මවුවරුන්ගේ පණපිටින් කුස පලා මරද්දී අද සාධාරණ සාමාජයක්‌ සඳහා මොරදෙන කොටි ත්‍රස්තවාදීන්ගේ මුදලට කඩේ යන පුද්ගයින් ඇතුළු NGO ලා කිසිදු හඬක්‌ නැඟුවේ නැත.මිනීමරු ත්‍රස්‌තයන් සමඟ සටන් කොට දිවිපිදූ හමුදා සෙබළු 29,000 කගේ සහ ආබාධිත වූ 14,000 ක ගේ බිරින්දැවරුන්, අම්මාවරුන් ගැන බොරුවට හෝ කඳුළක්‌ හෙළනු අප කිසිදා දැක නැත..පුදුමය මේ රටේ සමහර දේශද්‍රෝහී පුද්ගලයන්ට දේශපාලුවන්ට අවස්ථාවාදී ජනතාවට අපේ රණවිරුවන් කල උතුම් සේවය අමතක කිරීමය
      රට රැකි රණවිරුවන් රැකගැනීම අපේ වගකීමයි යුතුකමයි සිහලුනේ දැන්වත් ඒගැන සිතව් ඒ උතුම් රණවිරුවන් රැකීමට කටයුතු කරව්

    • SALMAL says:

      බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නෙස්බි සාමිවරයා අපේ රණවිරුවන් වෙනුවෙන් කල ප්‍රකාශයට අපේ ප්‍රණාමය

  3. OLU says:

    නෙස්බි සාමිවරයාට අපේ උත්තමාචාරය ..ස්තුතිය
    අපේ උතුම් රණවිරුවන් බොරු අපරාධචෝදනා වලට වැරදිකරුවන් කර ජිනීවාහිදී පවා දුන් සිරිසේන ඇතුළු ජඩපාලනයට සාපවේවා !
    සිරිසේන කරුණාකර ඉල්ලා අස්වන්න ඔබ වැනි දේශද්‍රෝහී ජනපතිකෙනෙක් අපේ රටට අවශ්‍ය නැහැ

  4. උකුස්සා says:

    We humbly proud of our War heroes bow-preserved country to…

    අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් වන්නේ කිනම් ක්‍රමවේදයකට අනුව ද? යන්න විමර්ශනය කළ යුත්තේ යුද අපරාධ පිළිබඳ විශේෂඥයන්ය. අන්තර්ජාතික නීතිය යටතේ යුද අපරාධයක්‌ නිර්ණය වන්නේ අන්තර්ජාතික මානුෂීය නීති යටතේය. එA අනුව, අරන්තලා භික්‌ෂු ඝාතනය, කාත්තන්කුඩි දේවස්‌ථානයේ මුස්‌ලිම් ඝාතනය, ඩොනල්ඩ් µdම් හා කෙන්ට්‌ µdම් මිනිස්‌ සංහාරය, ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත සිල්මාතාවන් ඇතුළු බැතිමතුන් ඝාතනය, ශ්‍රී දළදා මාලිගයට කළ ප්‍රහාර හා ඝාතන ආදිය නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ දෙමළ ඊළාම්වාදීන්ගේ ප්‍රහාර යුද අපරාධයන් නොවන්නේ දැයි විමසිය යුතුය. එනමුත් අපේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ජෙµaරිතායිµa, ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා, රාජ නීතිඥ රොඩ්නි ඩික්‌සිත්, මේජර් ජෙනරාල් ජෝන් හොµaස්‌ යන යුද අපරාධ විශේෂඥයන්ගේ එකදු වාර්තාවක්‌වත් පාදක සටහන් වශයෙන් නොගෙන මංගල සමරවීර තම අනුග්‍රහය ජයග්‍රාහී ලංකා හමුදාවන්ට එරෙහිව පරාජිත දෙමළ ඩයස්‌පෝරාවේ හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් අනුව කටයුතු කිරීමට පොරොන්දු වීම සිංහලයන් අසරණ කිරීමට ගත් කූට ප්‍රයත්නයකිමේ උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ගේ ප්‍රධානත්වයෙනි
    අපි එය තරයේ හෙලා දකිමු

  5. amiya says:

    Mr Prabha wuna ape ayata

Main News