ශ්‍රී ලංකා රජය Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම ප්‍රතික්ෂේප කරයි..

March 15, 2018 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා රජය Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම ප්‍රතික්ෂේප කරයි..

මෙරට පනවා ඇති වාරණය ඉවත් කිරීම ගැන ෆේස්බුක් ආයතනය සමග පවත්වන සාකච්චා මාලාවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ෆේස්බුක් වෙබ් අඩවිය විසින් මෙර පිහිටුවන ලද එම ආයතනය විසින් සහයෝගය දක්වන එකම පරිවර්තන සමූහය අප වන අතර 2014 වසරේ පටන් ෆේස්බුක් අඩවිය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීමට හැකිවන අයුරින් කටයුතු කල එකම කණ්ඩායමද අප වේ.

ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි පිලිබදව උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් ඉන්දියාවෙ සිට පැමියෙන ෆේස්බුක් නියයෝජිතයන් හා සම්බන්ධවී සාකච්චා කොට ගැටළු නිරාකරණය කර විසදුම් සෙවීමට අප සමූහය විසින් තොරතුරුතාක්ෂණ හා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු සමග අද දිනයේ වෙලාව වෙන්කරගැනීමට උත්සාහ කලද ඔහුයේ ලේකම්තුමිය විසන් අපයේ ඉල්ලීම පිළිනොගැනීම අප සමූහය විසන් තරයේ හෙලා දකිමු.

ශ්‍රී ලාංකික නාමය සිංහල භාෂාව ජාතයන්තරයේ බැබලවීමට කටයුතු කල අප සමූහය විසන් ස්වේච්චාවෙන් ඉදිරිපත්වී ඉදිරියේදී ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඉදිරියේදී පැන නැගිය හැකි භාෂාමය ඇතුළු අයනකුත් ගැටළු නිරාකරෙය කිරීමට විසදුම් සහ අනාගතයේ ශ්‍රී ලංකාවටම ආවේනික වූ සමාජ මාධය ජාලයක් නිර්මාණය කිරීම පිළිබද කතිකාවත ඇරබීමට පිබුරුපත් සැකසීම වැනි වැදගත් ක්‍රියාවන් රැසක් අද දිනයේ පැවැත්වෙන සාකච්චා මාලාවට සහභාගී නොකර ගැනීම නිසා අපගෙන් ගීලිහියනු ඇත.

අප සමුහයේ සාමාජිකයන්ගේ හා අන්තර්ජාලයේ සමාජ මාධය පුරා සිංහල භාෂාව හාවිතා කරන ජනතාවයේ බලවත් අප්‍රසාදය තොරතුරුතාක්ෂණ හා ඩිජිටල් අමාතයංශයට හා ඇමති හරින් ප්‍රනාන්දු මහතායේ ලේක්ම්තුමියට මෙසේ පුදකිරීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ (සභාපති)
ෆේස්බුක් පරිවර්තන සමූහය (ශ්‍රී ලංකා)

50 views

9 Comments to “ශ්‍රී ලංකා රජය Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම ප්‍රතික්ෂේප කරයි..”

  1. නයා says:

    තව තව උන් හොට දැම්මම කොහොමද අයිසේ ෆේස් බුක් තහනම ඉවත් කරන්න ෆේස් බුක් එකත් එක්ක ඩීල් එකක් දාලා ගානක් කපා ගන්නෙ.
    තමුසෙලා අපේ යහපාලන ඇමතිවරු අපි ගැන හිතලා කීයක් හරි සාක්කුවේ දාගන්න හදනකොටම හෙනහුරා වෙන්න යනවනේ.

  2. Ohlala says:

    No point of meeting Harin.TRC is not under him

  3. Sinhalen hada says:

    Rajaye wagakiima wena ayata deela Ana Ganna epa

  4. Aurora says:

    කෝඳුරු තෙල් හත් පට්ටේකුත් තව ටිකක් ඕනෑ. ඒ ටික යහපාලනයේ තවත් විශ්මිත ප්‍රතිඵලයකි.

  5. realman says:

    me ubala hadaganna magulak hadaganin apita facebook aka thiyala

  6. ගන්ජ බන්ඩි says:

    මම නම් කැමතිය් ෆේස් බුක් තහනමට. මොකද අපේ උන්නැහෙ බැලුවොත් ෆේස් බුක් ඒකේ. මගෙත් එක්ක ගන්ජ ටිකක් විකුනන්න සුරැට්ටුවක් අදින්න එන්නෙම නැහැ.

  7. ජනතාව says:

    මාද්‍ය නිදහස ගැන කෑ ගහන ගැන්සිය කෝ?

  8. දේශ අප්‍රිය says:

    කෝ අර දේශ අප්පිරිය එකා
    ඔඅක අර ඊ ගව් එක කාල කාල ICTA එකට කෙලලා ජරාව කාල ඉන්නේ
    faceබුක් ඕකට ගානක් වත් නැහැ

  9. Sithmal says:

    ෆේස්බුක් පරිවර්තන සමූහය ~~ ඈහුවෙත් අදමයි.. හොර යක්කු ටිකක් ද කොහේද 😀

Main News