ශ්‍රී ලංකා රාජ්‍යයේ පිරිසිදුභාවය 2014ට වඩා අඩුවී 2015දී දූෂිතභාවය ඉහළට – ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තරය ලැයිස්තුගත කරයි..

October 29, 2016 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා රාජ්‍යයේ පිරිසිදුභාවය 2014ට වඩා අඩුවී 2015දී දූෂිතභාවය ඉහළට – ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තරය ලැයිස්තුගත කරයි..

ලෝකයේ රටවල් තුල රාජ්‍ය අoශයේ සිදුවන දූෂණයන් හා ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂිකව වාර්තාවක් ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තර ආයතනය Transparent International විසින් ඉදිරිපත් කරන අතර එහිදි ලෝකයේ රටවල් 168 ක් තුල දූෂණය අඩු පිරිසිදු රාජ්‍යන් පිලිවෙලින් ලකුණු 100 දක්වා ඉහලටත් දූෂිත රටවල් ලකුණු 0 දක්වා පහළටත් ලැයිස්තුගත ඇත.

ඒ අනුව, ශ්‍රීලංකාව 2015 දී ලබාගත් ලකුණු ප්‍රමාණය 37 ක් වන අතර එය 2014 වර්ෂයේ ලකුණු 38 කි එමෙන්ම 2012 වර්ෂයේ ශ්‍රීලංකාව ලකුණු 40 යේ පැවතිණි. මේ අනුව පිරිසිදුභාවයෙන් ශ්‍රීලංකාව ලෝකයේ 83 වෙනි ස්ථානය හිමි කරගෙන සිටී.

පසුගිය රජයේ විශාල වශයෙන් රාජ්‍ය අoශයේ දූෂණයන් සිදුවූවා යයි පැවසමින් යහපාලන රජයක් බිහිකිරීමට එවකට තිබූ මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමිනි. මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ සම්මුතිවාදි රජය 2015 ජනවාරි 8 වෙනිදා පිහිටුවා ගෙන යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කොට දූෂණයෙන් තොර ඉතා පිරිසිදු විනිවිඳ භාවයෙන් යුක්තව ශ්‍රීලංකාවක් බිහිකරන බව පැවසුවත් දැනට වඩා පිරිසිදු තත්ත්වයක් රටේ රාජ්‍ය අoශවල එදා තිබූ බව මෙයින් පැහැදිලි වේ.

ලෝකයේ දූෂණයෙ අඩු පිරිසිදු රටවල් අතර ප්‍රධාන 5 ලෙස ඩෙන්මාර්කය ලකුණු 93 ක්, ෆින්ලන්තය 90ක් ස්විඩන් 89 ක්, නිව්සීලන්ඩ් 88ක් සහ 5 වෙනි ස්ථානයේ ලකුණු 87 බැගින් ලබාගෙන ඇති අතර දූෂිත රාජ්‍යන් ලෙස සෝමාලියාව සහ උතුරු කොරියාව ලකුණු 8 ක් සහිතව 168 වෙනි ස්ථානයෙ ලැයිස්තුගතව ඇත.

මුලාශ‍්‍රය මෙතනින්

2 views

7 Comments to “ශ්‍රී ලංකා රාජ්‍යයේ පිරිසිදුභාවය 2014ට වඩා අඩුවී 2015දී දූෂිතභාවය ඉහළට – ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තරය ලැයිස්තුගත කරයි..”

  1. john kothalawala says:

    ලෝකයේ යහපාලනය Good Governance කියන වචනයට නිගාකරන එකම රට ශ්‍රීලංකාවයි , මෛත්‍රීපාල සිර්සේන රනිල් වික්‍රමසිංහ , මහාචාර්ය සරත් විජේසූරියලාට මේ වචනයේ තේරුම පැහැදිලි කිරීමට වෙනමම පන්තියක් තියලා උගන්වන්න ඕන.

  2. NARAYANA says:

    Now Sri Lanka is run by roughs who got 3.5 million of our money for gossip report on Sri Lankan air line and sharing money from deals doing by newly created anticorruption division who also gets money from Transparency International. This is Wali Amuna rougs eara

  3. RanaSinghe says:

    මහාබැoකුවේ මහා මුදල් කොල්ලයේ කොටස් කරුවන් ලෙස රනිල් සහ මෛත්‍රීත් ගෙදර යා යුතුය, මුන්ට දැන්වත් විනිව්දභාවය යහපාලනය ගැන යම්තම් හෝ අවබෝධයක් තියෙනවා නම් වහාම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය, කෝ මේ හොර සිවිල් සoවිධාන තක්කඩි?

  4. K shantha says:

    According to minister harsha we are reasonable roughs .we do robing but we allow investigation
    That’s yahapalanaya

  5. Champa says:

    විමල්, COPE වාර්තාව ගැනයි, ඒකෙන් අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකාරයෙකු කරපු එක ගැනයි, එකයි අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපත්ගේ සම්බන්දය ගැනයි, ඒ සමාගමට දීපු බිලියන 66ක ණය ගැනයි, ඒ ණයම ආපහු ආණ්ඩුවට ගත්ත එක ගැනයි, එහෙම කරලා ඒ සමාගම සියයට 1853 ක ලාබයක් ලබපු හැටි ගැනයි, මහා බැංකුවේ මේ හොරකම නිසා ආණ්ඩුවේ ප්‍රධානියා විදියට අගමැතිතුමා මේකට වග කිවයුතු එක ගැනයි, ඒ වගකීම් බාරගෙන ඉල්ලා අස්විය යුතු එක ගැනයි කියවෙන Press Release එකක් ජාතික නිදහස් පෙරමුණෙන් හදන්න. ඊට පස්සේ ඒක හැම තානාපති කාර්යලයකටමයි, මෙහෙ ඉන්න විදේශ ප්‍රවෘත්ති ආයතන වල නියෝජිතයන්ටයි යවන්න.

    විමල්ට හොඳට සිංහලෙන් ලියන්න පුළුවන්නේ. මේ බැඳුම්කර මගඩිය හින්දා ආර්ථිකයට ඇතිවුණු හානිය ගැන ලියන්න. රටේ ජනතාවට ඒකෙන් ඇති වුනු පීඩනය ගැන ලියන්න. ඉපදින්න ඉන්න දරුවොත් ණයකාරයෝ කරලා තියෙන හැටි ගැන ලියන්න. ඊට පස්සේ ඒක ඉංග්‍රීසියට පර්වර්තනය කරගෙන හැමෝටම යවන්න. මේක ජාත්‍යන්තරයට ගෙනියමු. හිටපු ආරක්ෂක ලේකම්තුමාවයි, හිටපු හමුදා ප්‍රධානීන්වයි, අපේ හමුදාවයි හොරු වංචා කාරයෝ කියලා රනිල්ට පුළුවන් නම් ලෝකේ පුරා බොරු ප්‍රචාරයක් දෙන්න, ඇයි අපිට බැරි නියම හොරා කවුද කියලා ලෝකෙට කියන්න?

Main News