ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් හදිසියේම අරලියගහ මන්දිරේ.. 17 වසක් පැරනි යානා ගන්න කෝටි ගණ්නක ටෙන්ඩරයකට විරුද්ධ අධ්‍යක්ෂවරුන් ඉවතට

March 27, 2017 at 11:20 am | lanka C news
ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් හදිසියේම අරලියගහ මන්දිරේ.. 17 වසක් පැරනි යානා ගන්න කෝටි ගණ්නක ටෙන්ඩරයකට විරුද්ධ අධ්‍යක්ෂවරුන් ඉවතට

ශ්‍රී ලංකන් ගුවන් සේවය 1978 පිහිටුවීමට පසුව ඉතිහාසයේ පලමුවර එම ආයතන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදි පසුගිය සතියේදී පවත්වනු ලැබිය.

ශ්‍රීලංන්කන් ගුවන් සේවය දීර්ඝකාලීන බදු පදනම මත ලබාගත් වසර 17 ක් පැරණි එයාර් බස් 330-200 යාන 3 ක් බදු ගිවිසුම ඉක්මවා ගොස් තිබුණි. එම ගුවන් යානා ඉතා පැරණි මෙන්ම පරණ ගුවන් යානා නඩත්තු සඳහා විශාල මුදලක් වැය වන බැවින් එවා නැවත බදු ගත් බ්‍රිතාන්‍යයේ සමාගමට පැවරීමට නියමිතව තිබුණි.

මෙහිදී අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් පැහැදිලිව මෙම මතයේ සිට ඇති අතර ශ්‍රීලංන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක චරිත රත්වත්තේ ගේ සහෝදරයා වන සුරේන් රත්වත්ත විසින් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව බදු කාලය නැවත් දික් කොට ඇත.

අලුත් ගුවන් යානා සඳහා මාසිකව වැඩි බදු කුලියක් ගෙවන අතර පරණ වෙන වසර ගනනේ එම බදු කුලිය අඩිවීම ගුවන් හා නාවුක ක්ෂේත්‍රය පිලිගැනීමේ මූලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කරමින් මෙම ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කිරිම හේතුවෙන හදිසියේම එම මණ්ඩල රැස්වීම පැවත්විමේ ස්ථනය ලෙස අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය වෙත හදිසියේම ගෙන ගොස් ඇත.

මෙහිදී වෙළෙඳපොළ වටිනාකම අනුව මෙවෙනි පැරණි ගුවන් යානයක් මාසික කුලිය ඇ ඩොලර් එක් ලක්ෂ පනස්දහසක් මුදලකට ලබා ගැනිමට හැකියාව තිබිණි. ලෝකයේ ගුවන් අනතුරු සම්බන්ධ කිසිම කලු පැල්ලමක් මෙතෙක් වාර්තා නොවු ශ්‍රි ලන්කන් ගුවන් සේවයට මෙවැනි වසර 17 ක් පැරණි ගුවන් යානා සුදුසු නොවන බවත් මොනයම් හෝ හේතුවක් නිසා එසේ ලබා ගැනීමට කලමාණාකරනය අදහස් කරන්නේ නම් එම බදු මුදල මීට වඩා බෙහෙවින් අඩුවිය යුතුය යන අධ්‍යක්ෂක මණ්ඩල නිගමනයයි.

ඉන් බැහරව මණ්ඩල අනුමැතියකින් තොරව ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත ගත් තීරණය ක්‍රියාත්මක නොවන්නේ නම් විෂය භාර ඇමති කබීර් හසීම්ට එම අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයින් ඉවත් කරන ලෙස දන්වා ඇත.

මෙම ගනුදෙනුව නිසා මාසිකව සිදුවන මූල්‍යමය අලාභය ඇ.ඩොලර් ලක්ෂ 3 ක් ( රුපියල් මිලියන 45 ක් ) වන අතර ගුවන් සේවාවේ දිගු ගුවන් ගමන් සඳහා වසර 17 ක් පැරණි එයාර් බස් 330- 200 යාන 3 ක් යොදා ගැනිමට ශ්‍රි ලන්කන් ගුවන් සේවයට සිදු වේ.

ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂවරුන් මෙතනින්

56 views

5 Comments to “ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් හදිසියේම අරලියගහ මන්දිරේ.. 17 වසක් පැරනි යානා ගන්න කෝටි ගණ්නක ටෙන්ඩරයකට විරුද්ධ අධ්‍යක්ෂවරුන් ඉවතට”

  1. silva says:

    apo api nam yanne naha oya parana ladi wala

  2. Sathya says:

    PM, is it your Good Governance?

  3. daham says:

    ranil tharam horek me rate ithihaasayema agamathi welaa naha. thuh nodakin.

  4. Dickie Bird says:

    Meda para Ranil wenuwen Charitha hora kamaka.

    Maruwen maruwata karana horakam.

  5. Nana says:

    Looks like a true story. Srilankan is always a GOLD MINE for Govt corruption. Also many other issues. Using girls as toys. The best way to protest is not to use this Airline, till privatised or proper independent management is in place. If it;s shares are issued yo public and Govt give away at least 51%, management will be much independent.

Main News