ශ්‍රී ලන්කන් ගුවන්සේවය කබලෙන් ලිපට.. ඉක්මනින්ම වසා දමන්න වෙයි..

January 8, 2018 at 6:48 pm | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන්සේවය කබලෙන් ලිපට.. ඉක්මනින්ම වසා දමන්න වෙයි..

2017 වසර තුළ කෝටි ගණනින් ශ්‍රීලංකන් ගුවන් සමාගම ලැබූ පාඩුවට ඉංජිනේරු අංශයද වගකිවයුතු අංශයකි. EASA තත්ව සහතිකය අහිමිකර ගැනීම සහ එම බලපත්‍රය නැවත ලබාගැනීමසඳහා දරන ලද මුළු වියදම රුපියල් මිලියන 400 ඉක්මවා ඇත. නමුත් එය ලබාගැනීමට ආයතනයට නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් සිදුවන පාඩුව කෝටී ගණනකි.

මෙම EASA ගැටළුව නිසා ඉංජිනේරු දෙපාර්තමේන්තු කළමනාකරුවන්ට සිදුවූයේ නඩත්තු කටයුතු සඳහා ගුවන්යානා එක් ගුවන්යානයකට ඇමරිකානු ඩොලර් 95,000ක් පමණ ගෙවා ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව වැනි රටවලට යැවීමයි. මෙය සිදුව ඇත්තේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකටද අදාළව නොවේ.

තවද ශ්‍රීලංකන් සමාගම සතු ඉතා පැරණි 4R-ALA/ 4R-ALB/ 4R-ALC යන ගුවන්යානා (වසර 15ක් පැරණි) වල කල්බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම හේතුවෙන්ද දැඩි අර්බුදයක් උද්ගතව ඇත.

4R-ACD යානය මාස ගණනක් පුරා යාත්‍රාංගණය තුළ නඩත්තු වෙමින් ඇති අතර එම පාඩුවද රුපියල් කෝටි 5කට අධිකය. තවද අධික මිල ගණන් වලට අමතර කොටස් මිලදී ගැනීම නිසා ආයතනය නැවත ගොඩගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත. ගුවන්යානා බුමුතුරුණු මීටරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 3,850/-ක් වැනි මිලකටය.

වසරකට රුපියල් කෝටි 05ක පමණ වූ කල්ඉකුත්ව ඇති භාණ්ඩවල පාඩුව අවම කිරීමටද කටයුතු කර නැත. මේ අයුරින් දිනපතා කෝටි ගණනින් ආයතනයට සිදුවන පාඩු පිළිබඳ කිසිදු ගැටළුවකින් තොරව කටයුතු කරන අතර වැරදි පෙන්වා දෙන පුද්ගලයින් වෙනත් අංශවලට මාරු කර හරින්නේ ප්‍රධානීන්ගේද ආශීර්වාදය සහිතවය. මේ කිසිදු කරුණක් සිදුවන්නේ නිසි ඇගයීමකින් තොරව වීමද පුදුමයට කරුණකි.

ආයතන සේවකයින් පවසන්නේ මේ අයුරින් කටයුතු කළහොත් ශ්‍රීලංකන් පාඩුව අඩු කරන්න ආ යහපාලන ආණ්ඩුවට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉතා ඉක්මනින්ම වසා දමන්නට සිදුවනු ඇති බවයි.

– සේකර

67 views

4 Comments to “ශ්‍රී ලන්කන් ගුවන්සේවය කබලෙන් ලිපට.. ඉක්මනින්ම වසා දමන්න වෙයි..”

  1. Trumph says:

    Good it’s need of the nation

    • Tax officer says:

      when it is under Emirates management, it was making profit and the service too are good,

      once it comes to Sri Lankan management, it started making loses and service too is poor.

      better to get foreign management for Sri Lankan air lines to make it profitable or ground it to avoid tax payers money spending to maintain .

  2. love nature says:

    ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සමාගම මිට පෙරද චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේදී විකුණා දමා තිබු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නැවතත් පවරාගනු ලැබිය.

Main News