ශ්‍රී ලාංකිකයින්ට වැඩිපුර රැකියා ලබා දෙන්නැයි අගමැති දකුණු කොරියාවෙන් ඉල්ලයි…
January 22, 2022 at 6:10 pm | lanka C news
ශ්‍රී ලංකාව සඳහා වෙන් කර ඇති රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවෙන් ඉල්ලීමක් කළේය.
දකුණු කොරියානු ජාතික සභාවේ කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා (Park Byeong seug) අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මෙම ඉල්ලීම කළේය.
දකුණු කොරියානු කථානායකවරයකු මෙරට නිල සංචාරයක නිරතවන්නේ වසර 10කට පසුවය.
අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියානු කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා, “තරුණ, දක්ෂ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අප දෙරටේම ආදායම් වර්ධනයට දායක වීම ගැන මම සතුටු වෙනවා.”යැයි කීවේය.
විදේශ අමාත්‍යාංශයට අනුව මේ වන විට දළ වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 22,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටිති. 2019 වර්ෂයේ දී ඔවුන් දළ වශයෙන් ඩොලර් මිලියන 520ක් මෙරටට එවා තිබේ.
දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල දායකත්වය මුළු විදේශ ප්‍රේෂණවලින් සියයට 7.75% ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.62% ට සමාන වේ.
2019 වර්ෂයේදී දකුණු කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා 3,600ක් වෙන් කර තිබිණි. එසේ වුව ද කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාණය 2020 වර්ෂයේ දී 500ක් දක්වා අඩු විය. එතැන් පටන් මේ දක්වා ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 400 ක් පමණ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිකරගෙන ඇති අතර එම පිරිස එරටට යාමට බලාපොරොත්තුවෙන් පසුවෙති.
මාස 20ක කාලයකට පසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය මාසයේ දී දකුණු කොරියාවට ළඟා වූහ.
ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු ප්‍රජාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට සහය දැක්වීම සම්බන්ධයෙන් සහ කොරියානු භාෂාව විදේශ භාෂාවක් ලෙස උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීම පිළිබඳව දකුණු කොරියානු කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා මෙහිදී අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළේය.
ශ්‍රී ලංකාවේ ඉහළ නිපුණතා සහිත මානව සම්පත හා විශිෂ්ට තොරතුරු තාක්ෂණ දැනුමක් ඇති ශ්‍රම බලකාය පිළිබඳව දකුණු කොරියානු කථානායකවරයා දැනුවත් කළ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා සහය ලබාදෙන ලෙස ද දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියහ.
ඉහළ ඉංග්‍රීසි දැනුමක් සහිත ශ්‍රී ලාංකික තරුණ ශ්‍රම බලකායට දකුණු කොරියාවේ තාක්ෂණික හැකියාවන් සමඟින් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රවල සහයෝගීතාව විවර කළ හැකි බව පෙන්වා දුන් කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා ඊට ධනාත්මක ප්‍රතිචාර දැක්වීය.
එක් කාලවකවානුවක ශ්‍රී ලංකාව තුළ ආයෝජන වැඩිම ප්‍රමාණයකට දායක වූ රටවල් අතර දකුණු කොරියාව ද සිටි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට දකුණු කොරියානු ආයෝජන සඳහා දිරිමත් කරන්නැයි කථානායක පාර්ක් බෙංග් සෙග් මහතාගෙන් ඉල්ලා සිටියේය.
දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති සම්පත් ක්ෂේත්රය කෙරෙහි දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරන ලෙස කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා ද මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2022 වර්ෂයට වසර 45 ක් සපිරෙයි. දෙරට අතර දිගු කාලීන සමීප සබඳතා පිළිබඳව අදහස් පළ කරමින් “මෙම සංචාරය සෞභාග්‍යයේ නව පරිච්ඡේදයක් සඳහා හේතුවනු ඇතැයි” තමන් බලාපොරොත්තු වන බව කථානායක පාර්ක් බෙංග් සෙග් මහතා විශ්වාසය පළ කළේය.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
Sri Lanka genuinely needs good government with democratic values…rule of law etc.
These buggers are incapable politicians for the 21st century world.
Para Deshapaluwo, lankawe Karmantha diyunu kireemata udaw nokara, Koreawe, Japanaye, Medaperadigata hond mola yawala UDAM ANANAWA. YAKO APEY RATE KAMHAL PIHITUWALA, EVATA BANKU POLIYA 2%korapan ballani, EPF parakku dadaya%5% Koraw, Vat 2%Koraw, Pramada Gastu 5%Koraw. Topi pamanak Bambu Gasaw.
ජෙට් ගන්න තවත් ඩොලර් ජය වේවා
it should be correct the srilankan workers as “sinhala suruttu workers” the send only these uneducated suruttu
buggers to s.korea.
ඈ..යිස් කියයි නේ, තව ඩොලර් ටිකක් ගිලිංඩ ඇත්තං.
ආසයි නේ?
මැරෙන්ඩ ලං උනාම ඔහොම එව්වා හිතෙනවා තමා.