ශ්‍රේෂඨාධිකරණ නියෝගයට පයින් ගසා පළාත් සභා මැතිවරණ කල් දාන සංශෝධනය සූදානම්.. පාර්ලිමේන්තුවේ සොහොන් ලකුණු තබයි..

September 20, 2017 at 12:17 am | lanka C news
ශ්‍රේෂඨාධිකරණ නියෝගයට පයින් ගසා පළාත් සභා මැතිවරණ කල් දාන සංශෝධනය සූදානම්.. පාර්ලිමේන්තුවේ සොහොන් ලකුණු තබයි..

ශ්‍රේෂඨාධිකරණ නියෝගයද නොතකා හරිමින් පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ආණ්ඩුව විසින් කඩිමුඩියේ පනත් කෙටුම්පතකට සංශෝධන එක් කිරීමට අද දිනයේ සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ආදී සියල්ල උඩු යටිකුරු කරමින් මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ යයිද එය පාර්ලිමේන්තුවේ සොහොන් ලකුණක් වනු ඇති බවද ඒ මහතා කියා සිටියේ මැතිවරණ කොමිෂන් සබාව හමුවීමට ගිය අවස්ථාවේදීය.

30 views

2 Comments to “ශ්‍රේෂඨාධිකරණ නියෝගයට පයින් ගසා පළාත් සභා මැතිවරණ කල් දාන සංශෝධනය සූදානම්.. පාර්ලිමේන්තුවේ සොහොන් ලකුණු තබයි..”

  1. asaranaya says:

    පාර්ලිමේන්තු සොහොන් කොතේ මයිතූන පින්ගුත්තර බූතයන් දෙදනාට තැනක් සුදානම් කර තිබ්බොත් අගනෙයි, වපර ඩිලා බූතයත් මලු අරගෙන කඩේයන්න සූදානමේ, ඌ හරියට අරුණළු උදයේ විසිවෙන කෙළ පිඩක් සේ සමානයි, උගේ වචන මාලාවන් වල කිසිම අරුතක් නැහැ. උගෙ වචනත් ප්‍රකාශත් ” බොම්බෙ ලුකින් කල්කටා වගෙනේ’

  2. ගමරාල says:

    මේ යාපාලුවො හැමදාමත් කලේ පස්සදොර පාවිච්චි කරන එකනෙ. ඒත් මේ නපුංසක අතලොස්සක් දෙනා දැනගත යුතුයි රටේ බහුතරය එසේ නොවන බව.

Main News