ශ්‍රේෂ්ඨාධිකරණයේ කණෙන් රිංගා පළාත් සභා මැතිවරණ වසර ගණනකට කල් දමන මහා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය මෙන්න..

September 18, 2017 at 12:18 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයේ කණෙන් රිංගා පළාත් සභා මැතිවරණ වසර ගණනකට කල් දමන මහා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය මෙන්න..

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් උවමනා බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දන්වා ඇති නිසා ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් ඡන්දය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම පනත දැනටද දින නියමයක් සිදු නොකර පාර්ල්මේන්තු න්‍යාය පත‍්‍රයේ ඇති බවත් පළාත් සභාවන්හි අවම කාන්තා නියෝජනය 30%ක් බවට පත් කිරීම බවත් පෙන්වා දෙන මන්ත‍්‍රිවරයා අණ්ඩුව 20 වන සංශෝධනය වෙනුවට මෙම පනත ගෙන ඒමට සූදානම් වන බවද කියයි.

‘එම පනත කමිටු අවස්ථාවේදී සංශෝදනයක් ලෙස කොට්ඨාශ ක‍්‍රමය එකතු කරනවා. එසේ කර සම්මත කල පසු කොට්ඨාශ බෙදීම අවසන් වන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බැරි වෙනවා. වසර පහක් හයක් යනතුරු වුවත් පළාත් සභා ඡුන්දය කල් දමන්න පුළුවන් කොට්ඨාශ බෙදන තුරු කියමින්.

මේක ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වන පනතක් ඊට සති දෙකකට කලින් ගැසට් මගින් ප‍්‍රසිද්ධ කල යුතුයි. එවිට ඒ ගැන ජනතාවට පක්‍ෂ හෝ විපක්‍ෂ තම මතය ඉදිරිපත් කල හැකි වෙනවා. හැබැයි මේ අවස්ථාව නැති කරන්න තමයි කමිටු අවස්ථාවේ සංශෝදනයක් හැටියට ගේන්නෙ. ව්‍යවස්ථාවෙ 78 වගන්තියට පටහැනි නිසා ඉතිහාසයේ කිසි දිනෙක සංශෝධන ලෙස ඉදිරිපත් කරලා නෑ. නමුත් ඉතිහාසයේ පලමු වතාවට පසුගිය අගෝස්තු 24 වන දින ක්‍ෂෙත‍්‍ර නිලධාරීන්ට ඡුන්දෙ ඉල්ලන්න බෑ කියල සංශෝධනයක් පළාත් පාලන මැතිවරණ සංශෝදණ පනතට ඇතුළු කලා. අපි ඒක නීති විරෝදීයි කිවුවත් නීතිපති කතානායකට දැන්වුවා එය ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා. නීතිපතිවරයා එදා ව්‍යවස්ථාව කඩ කරමින් එදා ඒ සහතිකය දුන්නා. ඒ ආකාරයෙන්ම නැවතත් මේ සතිය තුලදී පනත් සම්මත කිරීමක් කරන්න ඉඩ තියෙනවා’ යයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.

35 views

4 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයේ කණෙන් රිංගා පළාත් සභා මැතිවරණ වසර ගණනකට කල් දමන මහා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය මෙන්න..”

  1. kodikara says:

    මනෝගිරා පෝතකා…..

  2. Nandasoma says:

    මෙහෙම නීති විරෝධී වැඩ කරන්න බැහැනෙ…

    ඔය විදියට 20 වෙනි සංශෝධනයම කාරක සභා අවස්ථාවෙ ගේන්න පුලුවන්නෙ?

    ඒ විදියට ඕනැම ව්‍යවස්ථා විරෝධී දෙයක් කරන්න පුලුවන්නෙ??

    මේ වැඩ වලට විරුද්ධව අධිකරණයට යන්න බැරිද???

  3. Sirisena Yatawara says:

    UNP+MS+CBK want only voters consent until they being political-power?

    Hence after in power of change of Govt. elections is not their political agenda? If UNP and their political alliance can remain power for-ever, they forget sovereignty Right of Voters by their few majority members of Parliament> UNP is not depend of voters, but they are by mush favors of Police State.

  4. NAK says:

    President,PM,Speaker,Leader of the opposition,leader of the House,Chief organizer of the Opposition.Attorney General,President of the Elections commission all gang up on one side the constitution become a mare piece of paper.
    All these people must be reminded of the consequences of violating the constitution.