ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..

November 16, 2018 at 8:40 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය මෙම සතිය අවසන් වන විට ජයග්‍රහණය කරා ගෙන යන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා ජන රැළියකට ලිප්ටන් වටරවුමේ දී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා –

කොළඹට මෙම ජනකාය පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින්. ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ මහතාට ජනතා විරෝධය හොදට පෙනෙනවා ඇති. ජන අරගලය දිනෙන් දින ජයග්‍රහණය කරා ගෙන යනවා. ජනාධිපතිවරයාගේ පළමු වෙඩිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුස් වෙඩිල්ලක් බවට පත් කළා. දෙවන වෙඩිල්ල පාර්ලිමේන්තුවේ දී පුස් වෙඩිල්ලක් බවට පත් කළා. අපි මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යවස්ථාදායකය ජයගෙන තිබෙනවා. මෙම සතිය අවසන් වන විට විධායකයත් ජයගෙන සටන ජයග්‍රහණය කරා ගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ජයග්‍රහණය කිරිම සදහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් එකතු වී සිටිනවා. එම නිසා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. ඉදිරි කාලයේ දී ඔබලා යළිත් කොළඹට කැදවන්න පුළුවන්. ඒ රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ කාර්යාල වැටලීමට. ආරක්ෂක බලඇණි යොදවා තිබුනත් ඒවා කඩා බිද දමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට අපි කැප වෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයක් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරය දරන රජයක් බිහි කිරිමට කැප වෙනවා. එය ඒකාන්ත ජයග්‍රහණයක් කරා ගෙන යනවා. ජනතා බලය මත ජනාධිපතිවරයා පරාජය කරමින් මේ සටන ජයගන්නවා. ජනාධිපතිවරයාට බලතල ලබාදුන්නෙත් අපි. බලතල යළි ලබා ගන්නෙත් අපි. මෙම සටනේ අවසානය දක්වා එක්වන ලෙස මම ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

– රාජිත සේනාරත්න මහතාගේ නිල මාධ්‍ය ඒකකය.

22 views

23 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..”

  1. මූට දෙන්ට තියෙන හොදම උත්තරය තමා “අනේ හුකේ ” කියන එක.

  2. Uncle,why are you all are then so scared to go for
    a Parliamentary Election?

  3. A.L.student says:

    Is it your interpretation that an Interim order means a victory for prosecution side?There Is 50-50 possibility of the final judgement going in either way,as has happened in the past.Wait and see ,what would happen to your current vote base,which is around 32 per cent,at an Election in the very near future.The people are reminded of the fate of the Crab in a water pot,which is being
    heated.

  4. RATAWESIYEK says:

    A drunk rat who was entrusted to hang a bell on the household Cat too,had boasted like you,
    before it’s final fate.

  5. Fernandez says:

    Now face the consequences of what you started. Goodluck

  6. opnews says:

    Rajitha is a bladdy fool. Dear Public pls do not vote this “Kanukata”. He has under -estimated Sinhalese people and Buddihisam.

  7. Memopad says:

    Do comment bushit Rajitha, you are a con actor like Ranil Wickrama. The court order is a mere injuction. It has given time to file objections,counter affidavits. Therere after an enquiry starts. Thats all. Dont con public, Mr Con Artist

  8. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    ඔය ඔක්කොම කරල අන්තිමට වරෙන් අපි ගාවට, දත් නැතිව බත් කන්නෙ කොහොමද කියල අපි කියල දෙන්නම්.මූ කවුද කියා මූ දන්නෙත් නෑ.

  9. අන්තිමට මහජනයා ගේ පස්ස ලෙවකාගෙන වරෙන්කෝ චංඳයට එතකොට දෙන්නම් හරි උත්තරය​??

  10. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..උන් බුදි.. says:

    ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව අපි දිනුවා.. සතිය අවසානයේදී විධායකයත් දිනනවා..කීප දෙනෙක්උ මැරිලා රටේ ගිනි පැතිරෙන තුරු උන් 5 දා වෙනකම් බුදි..රටට හෙන ගැහුවත් මොකෝ….

Main News