ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙනි සිටින්නැයි හිටපු ජනපතිට නොතීසි නිකුත් කෙරේ..

December 10, 2019 at 12:40 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙනි සිටින්නැයි හිටපු ජනපතිට නොතීසි නිකුත් කෙරේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝග කරමින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා මැයි මස 29 දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඔහු ජනාධිපතිවරයාව සිටියදී මරණ දඬුවම නියම වී සිටි රෝයල්පාක් ඝාතනයේ ප්‍රධාන විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදීම හේතුවෙනි.

අදාල පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව තිබූ පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

දැනටමත් මෙම පුද්ගලයා විදේශගත වී ඇති බවද ඒ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණට දන්වා ඇත.

එළඹෙන මැයි මස 29 වැනි දින මෙම පෙත්සම යළි සලකා බැලීම නියමිතය

173 views

12 Comments to “ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙනි සිටින්නැයි හිටපු ජනපතිට නොතීසි නිකුත් කෙරේ..”

  1. ගෝමස් says:

    බඹර නාදේ… ඇසෙන මානේ… කව්ද හරි වැරදි කියල නං කියන්න අමාරු සිද්දියක් මේ. සින්දුව බලලා තව ටිකක් අධ්‍යනය කරන්න වෙනවා සිද්දිය.

  2. ara says:

    He is the most selfish, unpredictable behaves like a fool bu extremely cunning man.

Main News