ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. අමුතුම සෙල්ලමක්.. දෙකම නැතිවෙන ලකුණු..

August 7, 2019 at 11:25 am | lanka C news
ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. අමුතුම සෙල්ලමක්.. දෙකම නැතිවෙන ලකුණු..

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් ඒ මහතාම පත්වීමට නියමිතය.

මේ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වන අතර සන්ධානයේ නායකයා ලෙස ජනාධිපතිවරයාට හා මහ ලේනම් මහින්ද අමරවීරට ඒ සඳහා පුද්ගලයකු පත් කිරීමට හැකියාව ලැබී තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ශාන්ත බණ්ඩාර මහතා සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ 05 වැනිදාට දින යොදා බැවින් එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවත් නැවත 07 වැනිදා ලෙස දින යොදා එයටද යලි අත්සන් ගෙන ඇති බවත්ය.

මේ හේතුවෙන් ශාන්ත බණ්ඩාර මහතාට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත්තේ සාලින්ද දිසානායක මහතා අභාවප‍්‍රාප්ත වන විට ශාන්ත බණ්ඩාර මහතා මන්ත‍්‍රී ධුරයක් දරමින් සිටි නිසාවෙනි.

87 views

13 Comments to “ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. අමුතුම සෙල්ලමක්.. දෙකම නැතිවෙන ලකුණු..”

  1. Nim says:

    DEKAMA NATHI WUNATA
    AKAK ETHURU WENAWANE

  2. ඕෂධ says:

    ලිස්ට් එක අනුව පත්වෙන්ඩ හිටියෙ D.B හේරත්..D.B හේරත් කියන්නේ මහින්දගේ දකුනු අත..මහින්දට තවත් මන්ත්‍රී කෙනෙක් වැඩිවෙන හින්ද ඒක වලක්වන්ඩ මෛත්‍රී ගහපු ගේමක් මේක..

Main News