ශිරන්ති, නාමල්, යෝෂිතට රට පුරා ඉඩම් 21ක් තියෙනවා.. මිලට ගත් දිනය, ඔප්පු අංක, වැය වූ මුදල මං දන්නවා..- අනුර
August 16, 2017 at 11:20 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ නාමල් රාජපක්ෂ යන අයට රටපුරා ඉඩම් විසි එකක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
රත්නපුරයේ දී ඊයේ පැවති ජන හමුවක් අමතමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේය.
මෙම ඉඩම්වල ඔප්පු අංක, ඒ සදහා වැය වූ මුදල, මිලදී ගත් දිනය ආදී සියළු තොරතුරු තමන් සතු බවද ඔහු සඳහන් කළේය
මේ විශාල මුදලක් ලැබුණේ රාජපක්ෂ පවුලට කෙසේදැයි ප්රශ්න කර සිටි ජවිපෙ නායකයා මහජන මුදල් මේ ආකාරයට අවභාවිතා කළ පුද්ගලයන් රටට වැඩ කරන්නේ කුමන ආකාරයෙන්දැයි ප්රශ්න කළේය.