ශිරන්ති CID කැදවීම ශ්‍රීලනිපයට එරෙහි කුමන්ත්‍රණයක්.. මේ වැඩ වලින් ආණ්ඩුව පීචං වෙනවා..- බස්නාහිර මහ ඇමති..
August 17, 2017 at 12:15 am | lanka C news
පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාසය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැදවා සිදු කලේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම බව බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
මේ ආකාරයේ ක්‍රියාවලින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර අර්බුදයක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව ද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ගිය රජයේ හොරකම් දුෂණ වංචා කළ අයට දඬුවම් දීම වෙනුවට මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ශ්රීලනිපය විනාශ කර දැමීමට උත්සාහ කරන පිරිසේ කුමන්ත්‍රණයක් යැයි ද කී ඔහු සත්‍ය වශයෙන්ම රාජපක්ෂ වරුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් එම චෝදනා ඔප්පු කර පෙන්වීම මිස මේ ආකාරයේ සංදර්ශන පැවැත්වීම නිසා සිදු වන්නේ රජය ජනතා අප්‍රසාදයට පත් වීම බවද වැඩි දුරටත් පැවසීය.
Moo koheda yana booruwek. One leg with MY3 and other with MaRa
mokatada enna hadanne ..maha amathi thumoo
මේ යක්කු තජුඩීන්ව ආයෙත් වලෙන් ගොඩ දාල. යකෝ ඒ මනුෂ්‍ය මැරුනේ හ්ය්බ්රිඩ් කාර් එක තාප්පෙ හැපිල ගිනි අරන්. තාප්පෙ අඩි 20 කට වඩා කඩන් ගිහින් තිබුන අපිත් දැක්කා. තොපි දේශපාලන වාසි ගන්න මැරුන මනුෂ්‍යට වත් ඉන්න දෙන්නෙ නැහැ. දැන් කීපාරක් මේ වැඩේ කලාද? තොපිට හෙනගැසුවත් තමා පුදුම. තජුඩීන් මහතාගෙ නෑයින් විසින්වත් ඒ මහතාගෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මොවුන්ට විරුද්ධව නඩු පැවරීය යුතුයි.
thajudeen is coming….election is coming soon