‘ශිරාස් යුනුස්’ අගමැති කාර්යාලයේ රාජකාරි නොකරයි..- අගමැති කාර්යාලය

December 4, 2021 at 8:40 am | lanka C news
‘ශිරාස් යුනුස්’ අගමැති කාර්යාලයේ රාජකාරි නොකරයි..- අගමැති කාර්යාලය

අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු තනතුරක් ලබා දී නොමැත

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකරන, අතර එවැනි තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බව මෙයින් දන්වා සිටිමි.

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද මෙයින් ප්‍රකාශ කරමි.

එසේම, ඔහු හට කිසිඳු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැත.

ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

26,519 views

3 Comments to “‘ශිරාස් යුනුස්’ අගමැති කාර්යාලයේ රාජකාරි නොකරයි..- අගමැති කාර්යාලය”

  1. මරා says:

    ඉතින් මූව අල්ලලා හිරේදාන්න පුලුවන්නෙ….රනවිරුවා බයද දන්නෙ නෑ

  2. Kumudika says:

    ඔකාව අතඩන්ගුවට අරගන්නෙ නෙතිව පුද්ගලික සමාගම් වලින් ප්‍රකාශ කරන ආකාරයෙ නිවේදන ප්‍රසිද්ද කරලා හරියනවද? රටක අගමතිගෙ උපදේශකයෙක් ලෙස පෙනි සිටීම වරදක් නොවේද ?

  3. පිස්සුද ඕයි ඌ තමයි ඌ

Main News