ශිලාවතුර ඉඩම් ඉල්ලා අඛණ්ඩ විරෝධතා.. සත්‍යග්‍රහයට දින 18යි..

March 14, 2019 at 2:06 am | lanka C news
ශිලාවතුර ඉඩම් ඉල්ලා අඛණ්ඩ විරෝධතා.. සත්‍යග්‍රහයට දින 18යි..

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිලාවතුර ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුර පිහිටි භූමියේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙන්නැයි ඉල්ලමින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 18 ක් ගෙවුනද මෙතෙක් විසඳුමක් නොමැති බවට එම වැසියන් පැවසූහ.

මේ අතර සමාජ සහ ආර්ථික සංවර්ධන පිළිබඳ වූ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අදාල සත්‍යග්‍රහය පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේද පූර්ණ සහය ලබා දෙන බවට සත්‍යග්‍රහයේ යෙදී සිටින වැසියන්ට පවසූහ.

සත්‍යග්‍රහයේ යෙදී සිටින වැසියන් පවසා සිටින්නේ යුදමය තත්වය හේතුවෙන් 1990 වසරේ සිලාවතුර ප්‍රදේශයේ තම ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කඳවුරු වෙත ගොස් ජිවත්වු බවත් යුද සමයේදී තමන්ගේ ඉඩම්වල නාවික හමුදාව කඳවුරක් ඉදිකොට තිබුනද යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමනගේ මුල් ඉඩම් තමන්ට නැවත ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි සේ අසරණව සිටින හෙයින් අදාල ඉඩම් නැවත ලබා දෙන ලෙසටද මුල් ඉඩම් නොලැබීම හේතුවෙන් 2009 වසරේ සිට තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බවත් වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් නාවික හමුදාව සිය කඳවුරක් වෙනුවෙන් පවරාගෙන ඇති සිලාවතුර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අක්කර 35 ක භූමි ප්‍රමාණය නැවත ලබාදෙන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40 views
Main News