ශිවරාත්‍රී දිනයේ තිරුකේදීස්වරන් කෝවිලේ පිළිගැනීමේ පුවරුව කඩා දමලා..

March 5, 2019 at 2:02 am | lanka C news
ශිවරාත්‍රී දිනයේ තිරුකේදීස්වරන් කෝවිලේ පිළිගැනීමේ පුවරුව කඩා දමලා..

මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත ගමන් කරන මාර්ගයේ පිවිසුමේ ස්ථාපිත කොට තිබු ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් යම් කිසි පිරිසක් විසින් කඩා දමා ඇති බව මන්නාරම හින්දු ජනතාව පවසති.

මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අදාළ ස්ථානයේ තිබු පැරණි පුවරුව ඉවත් කොට නව පුවරුවක් හින්දු ජනතාව ස්ථාපිත කොට තිබු බවත් අදාළ පුරුව අදාල පිරිස විසින් කඩා දමා ඇති බවද හින්දු ජනතාව පැවසීය.

හින්දු බැතිමතුන් වැඩි දුරටත් පැවසූවේ මන්නාරම තිරුකේදීවරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළා‍ත් ප්‍රධාන මහා ශිවරාත්‍රි පුජාව පවත්වන අතර,ඒ වෙනුවෙන් හින්දු ජනතාව විශාල පිරිසක් සහභාගි වන බවටත් එබැවින් ඊට උරණ වු වෙනත් ආගමික පිරිසක් විසින් පිළිගැනීමේ පුවරුව කඩා දමා ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාර්ල්ස් නිර්මලනාදන් මහතා,සෙල්වම් අඩෙක්කලනාදන් මහතා වැනි පිරිස් වෙත දැනුම් දුන්නද මේ දක්වා අදාල පුවරුව කඩා දැමීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවද හින්දු ජනතාව පැවසූහ.

කෙසේ වෙතත් (04) උදෑසන වන විට කඩා දමන ලද පිළිගැනීමේ පුවරුව කෝවිලේ දේව මෙහෙයන් සඳහා සහභාගී වන බැතිමතුන් හා ප්‍රදේශවාසී ජනතාව එක්වී නැවත් ඉදිකිරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

55 views
Main News