ශී‍්‍රලනිපයේ අභිමානය නැතිකලේ මෛතී‍්‍රපාලයි.. නායකයයි, ගෝලයොයි ශී‍්‍රලනිපය දිය කිරීමේ කුමන්ත‍්‍රණයක…

November 21, 2016 at 3:50 pm | lanka C news
ශී‍්‍රලනිපයේ අභිමානය නැතිකලේ මෛතී‍්‍රපාලයි.. නායකයයි, ගෝලයොයි ශී‍්‍රලනිපය දිය කිරීමේ කුමන්ත‍්‍රණයක…

මහින්ද රාජපක්‍ෂ මහතා අලූත් පක්‍ෂයේ නායකත්වය ගන්නේ නම් තමන් ඇතුඵ සියඵ දෙනා ඊට එක්වන බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. හිටපු ජනාධිපතිවරයා වැඩිකල් නොගොස් ඉතා ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි රණතුංග මහතා විශ්වාසය පල කරයි.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට කත් අදින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරු මල් පොහොට්ටුවට බියවී ඇති බව පෙන්වා දෙන රණතුංග මහතා අවධාරණය කලේ ඒ නිසාම ඔවුන් නන්දොඩවන බවයි. ශී‍්‍ර ලංකා කාරයෙකු වීම ගැන තමන් මීට පෙර ආඩම්බර වූ බවත්, දැන් ඒ ආඩම්බරය නැති බවත් පෙන්වා දුන් රණතුංග මහතා ශී‍්‍ර ලංකා කාරයන් සතුව තිබූ ඒ ආඩම්බරය හා අභිමානය නැතිකලේ වත්මන් සභාපතිවරයා සහ යූ.එන්.පී. යට කත් අදින ඇමතිවරුයැයි චෝදනා කලේය.

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතාගේ දිවුලපිටිය කාර්යාලයේදී ඊයේ (20) පැවති රැස්වීමකදී රණතුංග මහතා මේ බව සදහන් කලේය. ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබදව ගම් මට්ටමේ කි‍්‍රයාකාරීන් දැනුවත් කිරීම සදහා රැස්වීම පැවැත්විණි.

මෙහිදී රැස්ව සිටි පිරිස වැඩිදුරටත් ඇමතූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

මේ ආණ්ඩුවට අද වැලේ වැල් නෑ. වැලේ වැල් නැති මේ ආණ්ඩුව රකින්නේ ශී‍්‍ර.ල.නි.ප.යේ නිල සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයයි, ආණ්ඩුවට කත් අදින එයාගේ ගෝලයෝ රොත්තයි. ජේ.වී.පී. එකයි, ටී.එන්.ඒ. එකයි කත් අදින්නෙත් මේ ආණ්ඩුවට  ඉස්සර අපි ගම්වල ශී‍්‍ර ලංකා කාරයෝ කියලා කිව්වේ හරි ආඩම්බරයෙන්. තාත්තත් එක්ක දේශපාලනය කරපු මම පාරම්පරික ශී‍්‍ර ලංකා කාරයෙක්. ඒත් අද අපිට ශී‍්‍ර ලංකා කාරයෝ කියලා ආඩම්බරයෙන් කියන්න බෑ. ශී‍්‍ර ලංකා කාරයෙක් විදියට ආඩම්බරයෙන් පෙනී හිටින්න බෑ. එදා තිබුණු ඒ අභිමානය ඒ ආඩම්බරය, අපිට නැති කලේ පක්‍ෂයේ නිල අයිතිය ගත්ත මෛතී‍්‍රපාල මහත්තයයි , එයාගේ ගෝලයෝ රොත්තයි.

ශී‍්‍ර ලංකා එකයි, යූ.එන්.පී එකයි මේ ආණ්ඩුව අටව ගත්තේ රට හදන්න නෙමෙයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේ අය රටට ආදරෙත් නෑ. රට ගැන හිතන්නෙත් නෑ. එහෙම හිතනවානම් මේ ශී‍්‍ර ලංකා ඇමතිවරු මේ අය-වැයට පක්‍ෂව ඡුන්දෙ දෙන්නෙත් නෑ. දැන් බලන්න මේ ආණ්ඩුව අපේ ශී‍්‍ර ලංකා එකේ මහ ඇමතිවරු ඉන්න පළාත් සභාවල ප‍්‍රතිපාදන කපලා. ජනාධිපතිවරණයේදී දිනන්න උදව් කරපු උතුරු පළාතට විතරක් ප‍්‍රතිපාදන දීලා. ගිය අයවැයෙන්  බස්නාහිර සංවර්ධනයට රුපියල් මිලියන 4.1 ක් වෙන් කරලා තිබුණා. මේ පාර වෙන් කරලා තියෙන්නේ මිලියන 1.9යි. හැබැයි ශී‍්‍ර ලංකා ඇමතිවරු කියන්නේ අය-වැය ෂෝක් කියලා. අපේ යෝජනාත් අය-වැයේ තියෙනවයි කියලා. මේවට හතර හිනා කියලා තමයි කියන්න වෙන්නේ. මුලින්ම ශී‍්‍ර ලංකා එකට තිබුණු පළාත් පාලන ආයතන විසුරුවලා ගමේ බලය නැති කලා. අද ගමේ ශී‍්‍ර ලංකා කාරයින්ට වැඩක් කෙරෙන්නේ නෑ. ඉතිං කොහොමද මේක අපේ ආණ්ඩුවක් කියන්නේ ගමේ ශී‍්‍ර ලංකා කාරයාට වන අසාධාරණය ගැන ආණ්ඩුවේ ඉන්න ශී‍්‍ර ලංකා ඇමතිවරු කතා කරන්නේ නෑ. ඒ අයගේ කටේ පිට්ටු.

අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයායි , ඔහුට කත් අදින ගෝලයෝ රොත්තයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දියකර හරින තැනට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසයි මහින්ද මහත්තයා කිව්වේ ඊළග  ඕනෑම මැතිවරණයකට රටට ආදරය කරන මිනිස්සු එකතු කරගෙන අලූත් බලවේගයක් ගොඩනගන්න  ඕනෑ කියලා. අපි මේ ගොඩනගමින් ඉන්නේ ඒ අලූත් බලවේගයයි. අපේ රට නිදහස් කර ගත්ත නායකයා තමයි අපේ අනාගත බලාපොරොත්තුව එතුමාගේ දේශපාලන වැඩපිලිවෙල ශක්තිමත් කිරීමේ බලකාය තමයි අපි මේ ගමින් ගමට හදන්නේ .

අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජාතික පක්‍ෂයේත් ගම්වල රැස්වීම්වල මැස්සෝ ඉහිරෙනවා.  අරක දෙන්නම්, මේක දෙන්නම් කියලා තමයි මේ අය මිනිස්සු ගේන්නේ. අපි එහෙම නෑ. ඉදිරියේදී තියෙන  ඕනෑම මැතිවරණයකදී මහින්ද මහත්තයගේ නායකත්වයෙන් යුතු පක්‍ෂය දිනවන්නයි අපි මේ වැඩ කරන්නේ . සමහර අය අහනවා මගෙන් ජී.එල්. ඇමතිතුමාලගේ අලූත් පක්‍ෂේ නායකයා මහින්ද මහත්තයද කියලා. ඒ පක්‍ෂෙන් කියලා තියෙනවා එහි නායකත්වයට මහින්ද මහත්තයට ආරාධනා කරනවයි කියලා. අපි කියාගෙන යනවා අපි අලූත් බලවේගයක් ගොඩ නගනවයි කියලා. ඇයි අපිට බැයිද ඒකට එකතු වෙන්න. මහින්ද මහත්තයා තීන්දු කලොත් මහින්ද මහත්තයාට ඒ පක්‍ෂෙ නායකත්වය දුන්නොත් මහින්ද මහත්තයා ඒක කැමැත්තෙන් භාර ගත්තොත් අපි හැමෝම එකතු වෙන්නේ ඒ පක්‍ෂයත් එක්කයි. මහින්ද මහත්තයා හෙට අනිද්දට ඒ තීන්දුව ගනියි. රට වෙනුවෙන් ඒ තීන්දුව ගනියි. මමනම් හැමදාම කිව්වේ මෙහෙම ගියොත් අපිට අනාගතයක් නෑ කියලයි. වෙනම තරග කරන්න  ඕනෑ කියලා මම හැමදාම කිව්වා.  පහුගිය මහ මැතිවරණෙදි අපේම සමහරු ඒකට එකග වුණේ නෑ. අපේ පක්‍ෂේ නිල නායකයෝ අපිව හුග වතාවක් රැුවැට්ටුවා. පක්‍ෂය හින්දා අපිට සමහර තීන්දු ගන්න බැරිවුණා. නමුත් දැන් කාලය හරි පක්‍ෂයට වඩා රට අපිට වටිනවා. ඒ නිසා මහින්ද මහත්තයා ගතයුතු තීන්දුව ඉක්මනින් ගනීවි.

අද මේ ආණ්ඩුවට ඡුන්දය දීපු මිනිහෙක් හොයන එක ක`ඵනික හොයනවා වගේ වැඩක් මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. මැතිවරණ කිව්වොත් දුවනවා. අපිට තිබුණු චෝදනාව තමයි නියමිත කාලයට කලින් ඡුන්දය තියපු එක. මේ ආණ්ඩුව කලින් තියා නියමිත කාලෙටවත් ඡුන්දෙ තියන්න බයයි. කොටින්ම සමූපකාර ඡුන්දයක් තියන්නවත් මේ ආණ්ඩුව බයයි. මොකද ප‍්‍රතිපලය දන්නවා. ඒ හින්දා සමූපකාර ඡුන්දත් තහනම් කරනවා. අපි ජනාධිපතිවරයාටයි, අගමැතිවරයාටයි, අභියෝග කරනවා. පුලූවන්නම් මාර්තුවලට කලින් පලාත් පාලන මැතිවරණය පවත්වන්න. කවදා කොහොම තිබ්බත් මොන මැතිවරණයක් ඉදිරියට ආවත් දිනන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයයි. ඒක වලක්වන්න කාටවත් බෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

0 views

One Comment to “ශී‍්‍රලනිපයේ අභිමානය නැතිකලේ මෛතී‍්‍රපාලයි.. නායකයයි, ගෝලයොයි ශී‍්‍රලනිපය දිය කිරීමේ කුමන්ත‍්‍රණයක…”

  1. DIGA JANTHU says:

    AHOO DUKAKI MY3 TAMANGE WASIYAMA SITHANA AWASTHA WADIYEKI

Main News