ශ‍්‍රිලනිපයට එජාපයෙන් ටියුෂන් දෙන්න චන්ද්‍රිකා හැදු වැඩසටහන මෛත‍්‍රී කැන්සල් කරයි..

February 17, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිපයට එජාපයෙන් ටියුෂන් දෙන්න චන්ද්‍රිකා හැදු වැඩසටහන මෛත‍්‍රී කැන්සල් කරයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මේ සති අත්තයේ ශ‍්‍රීලනිප ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ වැඩමුළුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා තිබේ.

හිටපු ජනපතිනිය මෙම වැඩමුළුව සූදානම් කර තිබුනේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වන අතර ඊට ශ‍්‍රිලනිප ඇතැම් මන්ත‍්‍රින් විරෝධය පල කර තිබින.

මෙම වැඩමුළුවේදී මහ බැංකු අධිපතිවරයා විසින් ආර්ථික අර්බුදය ගැන හා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දේශන පැවැත්වීමට සූදානම් කර තිබින.

මේ අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ එජාප මන්ත්‍රීවරයකු විසින් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට උපදෙස් ලබා දීම එම මන්ත්‍රීවරුන් හෑල්ලු කිරීමක් සේ සැලකිය හැකි බවයි.

14 views
Main News