ශ්‍රිලනිපයට රජ වෙන්න බෑ.. පොහොට්ටුව සමගින් ඉක්මනින්ම එක් විය යුතුයි..
September 3, 2019 at 3:50 pm | lanka C news
පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජය වීමේ හැකියාවක් නොමැති බවත් එසේ නමුත් රජුන් තැනීමේ ශක්තියක් ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක් විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ සඳහා පවත්වන සාකච්චාවේදී පාර්ශව දෙකම නම්‍යශීලීව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
ඒ නිසා ඉතා ඉක්මනින් තීරණයක් ගෙන මැතිවරණ සටනට එළැඹිමේ උවමනාව තම පක්ෂයට ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.